අහෝසි කරනවා යැයි කිව්ව මන්ත්‍රී විශ්‍රාම වැටුප් වෙනුවෙන් ජනවාරියේ දී කෝටි 3 1/2ක් ගෙවලා

සිය විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කරනවා කිව්ව ජනපතිටත් 78,690.00ක්..! (සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී කියා…
සිය විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කරනවා කිව්ව ජනපතිටත් 78,690.00ක්..!
(සුජිත් මංගල ද සිල්වා)
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී කියා සිටියත් හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් 2025 ජනවාරි මාසයේදී භාණ්ඩාගාරයට රුපියල් 34,826,308.12ක් පමණ වැය කර තිබේ.
මෙම මුදලින් රුපියල් 23,385,520.77ක් හිටපු මන්ත්‍රීවරුන් 328ක් සහ රුපියල් 11,020,666.14ක් හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹු භාර්යාවන් 182ක් සඳහා විශ්‍රාම වැටුප් ලෙස ගෙවා ඇති අතර ඊට අමතරව, හිටපු මන්ත්‍රීවරුන්ගේ විශේෂ අවශ්‍යතා සහිත දූ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් 421,121.21ක් ලබා දී ඇත.
මේ කරුණු කාරණා අනාවරණය වී ඇත්තේ, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ විමර්ශන කණ්ඩායමක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ඉල්ලීමකට ලැබුණු ප්‍රතිචාර වශයෙන්ය.
දැන්වීම
2025 ජනවාරි මාසයේදී, රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාසට රුපියල් 75,166.66ක් ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් 90,166.66ක් ද, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට රුපියල් 85,833.32ක් ද, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට රුපියල් 85,166.66ක් ද ලබා දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන බඅතර හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස තමා තමාගේ විශ්‍රාම වැටුප පිළි ගැනීම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළ නමුත් ඔහුට ද ඔහුගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප ලෙස රුපියල් 78,690.00ක් හිමි වී ඇත.