අසාත් සාලි ගේ පෙත්සම සලකා බැලීම කල් තබයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් අසාද් සාලි මහතා ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම…
(හේමන්ත තුසිත කුමාර)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම නීතියට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් අසාද් සාලි මහතා ඉදිරිපත්කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අගෝස්තු10 දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාට පෞද්ගලික කරුණක් හේතුවෙන් බ්‍රහස්පතින්දා(29) දින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බැවින් එය සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම සලකාබැලීම අගෝස්තු 10 දක්වා කල් තැබීය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1