අස්වැන්න කපන කාලයේ දී බඩඉරිගු ආනයනය කිරීමෙන් ගොවියා අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

බඩඉරිගුවලට රු.140ක සහතික මිලක් ලබා දුන්නත් රජය මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීම නිසා රු. 120ත් 115ත් අතර ප්‍රමාණයකට මිල අඩු වූ බවත් මේ නිසා බඩඉරිගු වගාවේ නිරත වූ ගොවියන් අසරණ වී ඇති බවට පසුගිය දා…
බඩඉරිගුවලට රු.140ක සහතික මිලක් ලබා දුන්නත් රජය මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් ආනයනය කිරීම නිසා රු. 120ත් 115ත් අතර ප්‍රමාණයකට මිල අඩු වූ බවත් මේ නිසා බඩඉරිගු වගාවේ නිරත වූ ගොවියන් අසරණ වී ඇති බවට පසුගිය දා අම්පාර, මොණරාගල දිස්ත්‍රික්ක ආශ්‍රිතව සිදු කළ සංචාරය අතරතුර දැන ගැනීමට හැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
බඩඉරිගු වගාව සදහා දින 110ක් පමණ ගියත් මේ ක්‍රියාවලිය පාඩු නිසා දින 70න් 80න් ගස් පිටින් කිලෝවක් රු. 25ට විකුණා දැමූ බවත් මෙය ගොවියන් විසින් තමාට පැවසූ කරුණක් බවත් තවත් දින 40ක් රිලව්ගෙන්, වදුරන්ගෙන්, ඉත්තෑවන්ගෙන් මේ වගා ආරක්ෂා කරනවාට වඩා මිල පහළ වැටුණු අවස්ථාවේ ගස් පිටින් විකුණා දැමීම ලාභ නිසා එසේ විකුණා දමා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2020 පොහොර තහනම එන විට පවා මෙරටට ආනයනය කළේ මෙට්‍රික් ටොන් 178,000ක් බවත් මහවැලි බල ප්‍රදේශවල අස්වැන්න සාමාන්‍ය බල ප්‍රදේශවල අස්වැන්නට වඩා තුන් ගුණයක් ලැබෙන බවත් 2018 හා 2019 සේනා දළඹු ගැටලුව වෙලාවේ පවා මෙවැනි ආනයනය කිරීමක් නොවු බවත් රජයෙන් පොරොන්දු වූ සහතික මිල නොලැබුණ බවත් මේ නිසා ගොවියන් දින 70න් පදුරු පිටින් විකුණා දැමු බවත් එම නිසා දැන්වත් සැලසුමක් සකස් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.