අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අස්ගිරියේ ස්ථාවරය එළියට-එකම විකල්පය කරූ විතරයි

අස්ගිරියේ ස්ථාවරය එළියට-එකම විකල්පය කරූ විතරයි

කරූගෙන් තොර අනාගතයක් එජාපයට නැහැ මහා සඟ රුවන කිව්ව දේ රනිල් ඇහුව්වා නම් එජාපයට මේ කල යන්නේ නැහැ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජතික පක්ෂය බේරා ගත හැකි එකම නායකයා කරු ජයසූරිය මහතා පමණක් යැයි සියම් මහා…

කරූගෙන් තොර අනාගතයක් එජාපයට නැහැ 

මහා සඟ රුවන කිව්ව දේ රනිල් ඇහුව්වා නම් එජාපයට මේ කල යන්නේ නැහැ 

අස්ගිරියේ ස්ථාවරය එළියට-එකම විකල්පය කරූ විතරයි

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජතික පක්ෂය බේරා ගත හැකි එකම නායකයා කරු ජයසූරිය මහතා පමණක් යැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෂ්ඨ කාරක සංඝ සභික සහ සුදුහුම්පල රජ මහා විහාරාධිපති මකුරුප්පේ රතනපාල රතනජෝති නා හිමියෝ අවධාරණය කළහ.

උන් වහන්සේ මෙම අදහස් පළ කළේ හිටපු කථානායක කරු ජයසූරිය මහතා සඳුදා (31) සවස මහනුවරට පැමිණ සියම් මහා නිකායේ මල් වතු-අස්ගිරි මහා නා හිමිවරුන් සහ රාමඥ්ඥ මහා නිකායේ මහා නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය. 

දැන්වීම

හිටපු කතා නායක දේශබන්දු කරු ජයසුරිය මහතාට ආශිර්වාද කරමින් ශ්‍රී රතනපාල රතනජෝති නා හිමියෝ මෙසේද පැවසූහ.

"පසුගිය කාලයේ ඔබතුමන් සිංහයෙක් වගේ ඉදිරිපත් වෙලානේ ආණ්ඩුව බේරා ගත්තෙ...එහෙම නොවුණා නම් ආණ්ඩුව ගැස්සිලා යනවා නේ...ඔබතුමාට මතක ඇති මුලින්ම මම කිව්වෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඔබතුමා අනුශාසක වශයෙන් ඉන්න කරු ජයසූරිය මැතිතුමාට නායකකම දෙන්න කියලා. මොකද අපි කැමති නෑ පක්ෂයක් වැළලිලා යනවට. දැන් මොකද ඒකෙන් උනේ. බලන්නකෝ  පක්ෂයක් නෑ..අලියෙක් නෑ...

ඇත්තටම ඔබතුමාට නායකත්වය දුන්නොත් ඇත්තටම ඔබතුමාට පුළුවන් මේ පක්ෂය ගොඩගන්න. රටේ වැඩි පිරිසක් ඔබතුමාව බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගෙත් එක්ක නම් මේ නුවර පළාතේ කතා කරන කවුරුත් කියන්නෙ ඇයි හාමුදුරුවනේ කරු ජයසූරිය මහත්තයට දෙන්නෑ කියන්නෙ...එතුමාට මේ පක්ෂයේ නායකකම දෙන්න කියන්නකො. භාර ගෙන කරන්න කියන්නකො කියලයි. ඔන්න තත්ත්වේ. යන හැම තැනකම ඕකනේ කියන්නෙ. ඒ නිසා මේක අනිවාර්යයෙන් විය යුතුම දෙයක්. ඔබතුමා පස්සට යන්න එපා. එච්චරයි කියන්නෙ. පහුගිය දවස්වල භික්ෂුන් වහන්සේලාගේ රැස්වීමක් අපි තිබ්බනේ. ඔක්කොම එක හඬින් කිව්වෙ ඔබතුමාට දෙන්න කියලනෙ. පක්ෂයේ හොඳ ජ්‍යෙෂ්ඨයෝ අල්ලා ගෙන සාකච්ඡා කරලා කොහොම හරි මේ පක්ෂෙ බේරා ගන්න අපි සටන් කළ යුතු වෙනවා."

අස්ගිරියේ ස්ථාවරය එළියට-එකම විකල්පය කරූ විතරයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අස්ගිරියේ ස්ථාවරය එළියට-එකම විකල්පය කරූ විතරයි | Lanka Newsweek