අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අවුරුදු 20ක් ලංකාදීපය ඇන්දවූ බතලගොඩ ගයනි විජය මන්දිරයෙන් දොට්ට

අවුරුදු 20ක් ලංකාදීපය ඇන්දවූ බතලගොඩ ගයනි විජය මන්දිරයෙන් දොට්ට

ප්‍රධාන විධායක නිලධාරියාගේ එඩිතර-ඍජු තීරණයක් "ලංකාදීප" ගණිකා වෘත්තියේ යෙදවූ දෙයියන්දර දෙයියා ඇතුළු කූටකයින් රොත්තක්ම පළවා හැරලා විජය පුවත්පත් සමාගම යළි රජ ගමනේ බතලගොඩ ගයනිගේ කුණු වුණු පැටිකිරිය…

ප්‍රධාන විධායක නිලධාරියාගේ එඩිතර-ඍජු තීරණයක් 

"ලංකාදීප" ගණිකා වෘත්තියේ යෙදවූ දෙයියන්දර දෙයියා ඇතුළු කූටකයින් රොත්තක්ම පළවා හැරලා

විජය පුවත්පත් සමාගම යළි රජ ගමනේ 

බතලගොඩ ගයනිගේ කුණු වුණු පැටිකිරිය මෙන්න..!

අවුරුදු 20ක් ලංකාදීපය ඇන්දවූ බතලගොඩ ගයනි විජය මන්දිරයෙන් දොට්ට

අවුරුදු විස්සක් මුළුල්ලේ විජය පුවත්පත් සමාගම ගොනාට අන්දවා විවිධ අයුතු වරදාන සහ වරප්‍රසාද ලබා ගත් බව කියන බතලගොඩ ගයනි පුංචිහේවා නොහොත් ගෙවුණු සතියේ දී විජය මන්දිරයෙන් පාරට බැස යන්නම ගියාය. 

විජය පුවත්පත් සමාගමේ "ලංකාදිප" ජාතික පුවත්පතේ වෙළෙඳ දැන්විම් අංශයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහායක මංජුල බණ්ඩාර ඇතුළු සුළු සේවකයාගේ සිට එම සමාගමේ නියෝජ්‍ය සභාපති සුජාන් විජේවර්ධන ඇතුළු ආයතනයේ ප්‍රධානීන් ද දක්වා සියලු සේවක සේවිකාවන් භේද කරමින් තමාගේ වැටුප පමණක් රුපියල් ලක්ෂ 5 දක්වා වැඩි කර ගෙන අනෙකුත් සේවක සේවිකාවන්ගේ වැටුප්, දීමනා සහ උසස්විම් අත්හිටුවා ගෙන සිටියේ බතලගොඩ ගයනි පුංචිහේවා විසින් බව එම ආයතනයේ සේවක සේවිකාවෝ පවසති.

දැන්වීම

වෙළෙඳ දැන්ව්ම් අංශයේ වැඩකරු නොහොත් අතිශය දක්ෂයා වන අමිල බන්නැහැකගේ වැටුප රුපියල් හැට දහසකින් කප්පාදු කර ඔහු "B-class" දක්වා තරාතිරමෙන් පහත හෙළා ඔහුගේ සියලු උසස්වම් අත්හිටවූ බව කියන බතලගොඩ ගයනි පුංචිහේවා වෙළෙඳ දැන්වීම් අංශයේ හිටපු කළමාණාකරුවා වන සමන්ත වීරරත්නට විරැද්ධව කැරළි ගසමින් ඔහු රුපියල් දස ලක්ෂ ගණන් අයථා  ලෙස උපයන්නේ යැයි කිය කියා පාලනාධිකාරියට දවස මුළුල්ලේම "e-mail" යැවූ බව ද ඔවුහූ පවසති. 

මේ සඳහා පූර්ණකාලීනව කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළේ ඩිලිනි විරසිංහ විසින් වන අතර ඒ වෙනුවෙන් ඇයට උසස්විමක්, වැටුප් වැඩිවිමක් සහ කොමිස් මුදලක්ද ලබා දීමට බතලගොඩ ගයනි පුංචිහේවා ක්‍රියා කර ඇතැයි කියති.  

විජය පුවත්පත් සමාගමේ දියුණුව වෙනුවෙන් දිවා-රෑ නොබලා ඇපකැප වී ක්‍රියා කළ අමිල බන්නැහැක තත්ත්වයෙන් පහත හෙළා ඔහුගේ උසස්වීම් අත්හිටුවා වැටුප් කප්පාදු කිරීමට බතලගොඩ ගයනි පුංචිහේවා යොදා ගත්තේ ආයතනයේ අලෙවි කළමනාකරුවා වන ඉන්දික ජයමහා සහ මානව සම්පත් නිලධාරිනිය වන නිපුලි වීරතුංග බව ද සඳහන්ය.   

"ලංකාදිප" වෙළෙඳ දැන්ව්ම් අංශයේ මානව සම්පත් නිලධාරිනී නිපුලි විරතුංග සහ "Daily-FT" හී දැන්ව්ම් සහායක ට්‍රෙවින් ඒකනායක ගැන ට්‍රෙවින් ඒකනායකගේ බිරියට ගතු කියා එම පවුලේ ප්‍රශ්න ඇති කළේ ද බතලගොඩ ගයනි පුංචිහේවා යැයි විජය පුවත්පත් සමාගමේ සේවක සේවිකාවෝ පෙන්වා දෙති.   

මෙලෙස බතලගොඩ ගයනි පුංචිහේවා විජය පුවත්පත් සමාගම සහ "ලංකාදිප" ජාතික පුවත්පත ගිණි තැබුවේ ඇය වගේම රුපියල් ලක්ෂ ගණන් උපදේශක වැටුප් ලැබූ ප්‍රිති විරාජ් ද සිල්වාගේ සහයෙන් බව ද සේවක සේවිකාවෝ කියති. 

කෙසේ නමුත් මේ වන විට විජය පුවත්පත් සමාගම සතු සියලුම මුද්‍රිත සහ විද්‍යුත් ජනමාධ්‍ය ආයතන රටේ අනෙකුත් මුද්‍රිත සහ විද්‍යුත් ජනමාධ්‍ය අභිභවා අංක එකට පැමිණ ඇති අතර ඊට හේතු වී ඇත්තේ ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවමින් රුපියල් දස ලක්ෂ ගණන් අයුතු ලාභ ලැබුවේ යැයි කියන සමන්ත විරරත්න, ගයනි පුංචිහේවා, ලක්මාල් ගමගේ, සිරි රණසිංහ (දෙයියන්දර දෙයියා ), ආරියරත්න දොඹගහවත්ත සහ ගුණසිංහ හේරත් වැනි කූටකයින් එක පෑන් පහරින් පන්නා දැමීමට විජය පුවත්පත් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරි ජනක රත්නකුමාර ගත් එඩිතර සහ ඍජු තීරණ නිසා බව ද විජය පුවත්පත් සමාගමේ සේවක සේවිකාවෝ වැඩි දුරටත් පවසති. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අවුරුදු 20ක් ලංකාදීපය ඇන්දවූ බතලගොඩ ගයනි විජය මන්දිරයෙන් දොට්ට | Lanka Newsweek