අවුරුදු විසි පහකට පසු විදේශ සංචිතයට අපේම ඩොලර්

(සුජිත් මංගල ද සිල්වා ) ණයට ගන්නා ඇමරිකානු ඩොලර් වෙනුවට අපේම ඩොලර් නිල විදේශ සංචිතයේ තැන්පත් කර ගැනීමට හැකිවීම රටට විශාල වාසියක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . රටේ නිල විදේශ සංචිතයේ…
(සුජිත් මංගල ද සිල්වා )
ණයට ගන්නා ඇමරිකානු ඩොලර් වෙනුවට අපේම ඩොලර් නිල විදේශ සංචිතයේ තැන්පත් කර ගැනීමට හැකිවීම රටට විශාල වාසියක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .
රටේ නිල විදේශ සංචිතයේ මෙතෙක් තිබුණේ ණයට ගත්ත ඩොලර් බව පෙන්වා දෙන රනල් වික්‍රමසිංහ මහතා අපේම ඩොලර් අපේ විදේශ සංචිතයේ තැන්පත් කර ගැනීමට හැකි වුයේ අවුරුදු 25කට පසුව යැයි ද පවසයි.
අගමැති රනල් වික්‍රමසිංහ මහතා මේ බව පෙන්වා දුන්නේ,හම්බන්තොට වරාය 70% සහ 30% අනුපාතයට චීනය එක්ක එකතු වී සංවර්ධනය කිරීමට අත්සන් කළ ගිවිසුමේ පළමු වාරිකය ලෙස ලැබුණු ඇමරිකානු ඩොලර් දස ලක්ෂ 294 රටේ නිල විදේශ සංචිතයේ තැන්පත් කිරීමේ අරමුණ සම්බන්ධයෙන් ජනතාවට එතරම් අවබෝධයක් නොතිබීම ගැන සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අරලිය ගහ මන්දිරයේදී කරුණු විමසු අවස්ථාවේදීය.