අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අවුරුදු තුනට අගමැති 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා..!

අවුරුදු තුනට අගමැති 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා..!

හෙළිකොප්ටරයේ අංකය “Bell-414” ඒ තරම් වාර ගණනක් මැද කොළඹටවත් ඇවිත් නැහැ..! (සුමුදු පෙරේරා) තරුණ කටයුතු සහ ව්‍යාපෘති කළමනාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ අවශ්‍යතාව මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…

හෙළිකොප්ටරයේ අංකය “Bell-414”

ඒ තරම් වාර ගණනක් මැද කොළඹටවත් ඇවිත් නැහැ..!

අවුරුදු තුනට අගමැති 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා..!

 (සුමුදු පෙරේරා)

තරුණ කටයුතු සහ ව්‍යාපෘති කළමනාකරණ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ අවශ්‍යතාව මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙවුණු අවුරුදු තුන ඇතුළතදී හැට හතර වතාවක් මාතර,දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ සංචාරය කර ඇතැයි වාර්තා වේ.

ඒ හැට හතර වතාවේදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතර,දෙනියාය බලා ගොස් තිබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් “Bell-414” දරන හෙලිකොප්ටර් යානයෙන් අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” වෙත හෙළිදරව් කළේය.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කාලය ඇතුළත දී  රටේ අනෙකුත් දිස්ත්‍රික්වල මැතිවරණ කොට්ඨාශවල තබා තමා නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශවලවත්, විශේෂයෙන් ඔහු නියෝජනය කරන මැද කොළඹ ආසනයේවත් හැට හතර වතාවක් නොව  දහ වතාවක්වත් සංචාරය කර නැතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසීය.

එපමණක් නොව මේ කාලය ඇතුළත දී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මේ වන තුරුත් සංචාරය කර නොමැති මැතිවරණ කොට්ඨාශ ඕනෑ තරම් තිබෙන බව ද ඔහු වැඩි දුරටත්  පෙන්වා දුන්නේය.

  අවුරුදු තුනට අගමැති 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අවුරුදු තුනට අගමැති 64 වතාවක් හෙළිකොප්ටරයෙන් දෙනියායේ ගිහිල්ලා..! | Lanka Newsweek