අවුරුදු කාලා හමාරයි-බඩු මිල සියයට 40කින් නගියි..!

පාලකයෝ වැඩ කරන්නේ ණයට කෑම-විකුණන් කෑම-හොරා කෑම යන තුන් සූත්‍රයට අනුවයි (හේෂාන් සම්පත් තිලකරත්න) සිංහල-හින්දු අලුත් අවුරුද්ද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ගණන් 40%කින් ඉහළ යාමට නියමිත යැයි…
පාලකයෝ වැඩ කරන්නේ ණයට කෑම-විකුණන් කෑම-හොරා කෑම යන තුන් සූත්‍රයට අනුවයි
(හේෂාන් සම්පත් තිලකරත්න)
සිංහල-හින්දු අලුත් අවුරුද්ද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ගණන් 40%කින් ඉහළ යාමට නියමිත යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා හෙළි කර සිටියේය.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා මේ බව හෙළි කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම සහෝදරයා මෙසේ ද කීය.
මේ වන විට ශ්‍රී ලංකාව ඉතිහාසයේ දැවැන්ත ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටිනවා. 2022 අප්‍රේල් මාසය වන විට සෑම භාණ්ඩයකම මිල ගණන් 40%කින් පමණ වැඩිවේ යැයි ගණන් බලා තිබෙනවා. මේ ආණ්ඩුව කිරි බත් කාලා වැඩ ආරම්භ කළත් 2021 සිංහල-හින්දු අලුත් අවුරුද්දේ දී. මේ රටේ මිනිසුන්ට අවුරුදු කිරි බත් කන්න වෙන්නේ නැහැ. මේ වන විට සාමාන්‍ය ජනතාවගේ පාන් ගෙඩිය රුපියල් 120/- ඉක්මවලා.
දැන්වීම
සල්ලි තිබුණත් අත්‍යවශ්‍ය භාණ්ඩවල විශාල හිඟයක් තිබෙනවා. ඉන්ධන, ගෑස් සහ ඖෂධ ඇතුළු අත්‍යශ්‍ය භාණ්ඩවල දැවැන්ත හිඟයක් තිබෙන අතර හෙට අනිද්දා වන විට කුමක් සිදු වේදැයි සිතා ගැනීමට වත් නොහැකි දැඩි අවිනිශ්චිත තත්වයක් පවතින්නේරටේ ඇති වී තිබෙනව.
මේ අර්බුදය ස්වභාවිකව පැන නැගුණු විපතක් නොවෙයි. මේ දක්වා රට පාලනය කළ සහ වර්තමාන පාලනය කරන සියලු දෙනා මේ අර්බුදයට වග කිව යුතුයි. ඒ අය අනුගමනය කළ ගමන්මගේ ප්‍රතිවිපාකවලට අද මුහුණ දෙන්නේ අසරණ ජනතාවයි. මේ සියලු දෙනා ක්‍රියා කළේ, ණයට කෑම, විකුණන් කෑම සහ හොරා කෑම යන තුන් සූත්‍රයට අනුවයි.