අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අවම බස් ගාස්තුව රුපියල් 12යි..!

අවම බස් ගාස්තුව රුපියල් 12යි..!

(නිලන්ති චන්ද්‍රසේන) ප්‍රවාහන බලධාරීන් සහ පෞද්ගලික බස් සංගම් අතර ඊයේ (16) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව බස් ගාස්තු 12.5% කිනි ඉහළ දැමීමට තීරණය කර ඇත. මේ අතර බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන…

(නිලන්ති චන්ද්‍රසේන)

ප්‍රවාහන බලධාරීන් සහ පෞද්ගලික බස් සංගම් අතර ඊයේ (16) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව බස් ගාස්තු 12.5% කිනි ඉහළ දැමීමට තීරණය කර ඇත.

මේ අතර බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන අඟහරුවාදා (22) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර  අනුමැතිය ලබාගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය 10% ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියදී, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනය 20% ක් දක්වා ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියේ ය.නමුත් පළමුව, බස් ගාස්තුව 6.56 % කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ අතර බස් සංගම් ඊට විරෝධය පළ කිරීමත් සමග බස් ගාස්තුව මෙලෙස යළි ඉහළ දමා ඇත.

මේ අනූව අවම බස් ගාස්තුව රුපියල් 12 ක් වනු ඇති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න