අවතැන්වුවන්ට රු.10000ක වන්දියක් දෙන්නැයි අගමැති නියෝග කරයි

(හේමන්ත තුසිත කුමාර) අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන්, රුපියල් දස දහස බැගින් වන ආපදා දීමනාවක් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආපදා කළමණාකරණ අමාත්‍යංශයට සහ…
(හේමන්ත තුසිත කුමාර)
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන්, රුපියල් දස දහස බැගින් වන ආපදා දීමනාවක් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආපදා කළමණාකරණ අමාත්‍යංශයට සහ ජාතික රක්ෂණ භාර අරමුදලට උපදෙස් දී ඇත.
එසේම අලාභහානි වූ දේපොළ පිළිබඳව වහාම තක්සේරු කටයුතු ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇත.
දැන්වීම
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක ඇති වී තිබෙන හදිසි ආපදා තත්වය පිළිබඳව හදිසි රැස්වීමක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) සන්ධ්‍යාවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණ අතර, එහිදී ආපදා තත්වය පිළිබඳව වාර්තා සමාලෝචනය කෙරිණි.
කඩිනමින් විපතට පත් ජනතාවට සහන සලසන ලෙස අවධාරණය කළ රනිල් වික්‍රමසිංහ මහතා ආපදාවට පත් ප්‍රදේශවල විදුලි බල සැපයුමත් හානියට පත් නිවාස හා දේපළත් කඩිනමින් යථා තත්වයට පත් කරන ලෙස උපදෙස් ලබා දුණි.
දිවයින පුරා විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීම කඩිනමින් සිදුවන බවත්, රු. 10,000 බැගින් මූලික වන්දි මුදල් ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බවත්, ආපදා සහන වන්දි මුදල් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනටමත් ලබා දී ඇති බවත් මෙහිදී වාර්තා කෙරිණි.
මේ අවස්ථාවට අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, සාගල රත්නායක නිමල් සිරිපාල ද සිල්වා, ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදියුදීන්, අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න යන අමාත්‍යවරුන් ද, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඇතුලූ පක්ෂ නායකවරු කිහිප දෙනෙක් ද, අග්‍රාමාත්‍ය ලේකම්, ආරක්ෂක ලේකම්, භාණ්ඩාගාර ලේකම්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී,ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුලූ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.