අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අලුත් නමක්-අලුත් ලකුණක්-ජනපතිවරණයට එජාපෙන් පුළුල් පෙරමුණක්..!

“කොළ පාට සමාජය”අවසාන කාර්තුවේ ද අවසානයට පැමිණෙයි..!

අපේක්ෂකයා එජාපයෙන්..? ජනපතිගේ-ශ්‍රීලනිපයේ සහයත් ඉල්ලයි..! (සුජිත් මංගල ද සිල්වා) 2020 ජනාධිපතිවරණය සඳහා අලුත් නමකින් සහ ලකුණකින් යුතු පුළුල් දේශපාලන සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමට එක්සත් ජාතික පෙරමුණ…

අපේක්ෂකයා එජාපයෙන්..?

ජනපතිගේ-ශ්‍රීලනිපයේ සහයත් ඉල්ලයි..!

 

(සුජිත් මංගල ද සිල්වා)

2020 ජනාධිපතිවරණය සඳහා අලුත් නමකින් සහ ලකුණකින් යුතු පුළුල් දේශපාලන  සන්ධානයක් ලෙස ඉදිරිපත් වීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර තිබේ.

මේ පුළුල් සහ නව දේශපාලන ව්‍යාපාරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා ගැනීමට ද එක්සත් ජාතික පෙරමුණ තීන්දු කර තිබේ.

එක්සත් ජාතික පෙරමුණ මේ තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අරලිය ගහ මන්දිරයේදී ඊයේ (17) රාත්‍රියේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු බවට තීන්දු කර ඇති එක්සත් ජාතික පෙරමුණේ නායකයින්,මහින්ද රාජපක්ෂ ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහි  සියලු දේශපාලන පක්ෂ,සර්වාගමික සංවිධාන,සිවිල් සංවිධාන,බහු ජන ව්‍යාපාර සහ පුද්ගලයින් මේ නව දේශපාලන සන්ධානය වටා  එකට ඒකරාශී කිරීමට ද තීරණය කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අලුත් නමක්-අලුත් ලකුණක්-ජනපතිවරණයට එජාපෙන් පුළුල් පෙරමුණක්..! | Lanka Newsweek