අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අලුත් උසාවි අරඹා නඩු ප්‍රමාදය වළකනු

අලුත් උසාවි අරඹා නඩු ප්‍රමාදය වළකනු

රටේ ආර්ථික අර්බුදය ගැන මුදල් ඇමති වචනයක්වත් කතා කරන්නේ නැහැ ලජ්ජා නැතිව රට රටවලින් හිඟා කකා යනවා බොරු කයිවාරු නොගසා මැතිවරණ පවත් වනු මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ නඩු ප්‍රමාදය වළක්වා ගැනීමට…

රටේ ආර්ථික අර්බුදය ගැන මුදල් ඇමති වචනයක්වත් කතා කරන්නේ නැහැ 

ලජ්ජා නැතිව රට රටවලින් හිඟා කකා යනවා 

බොරු කයිවාරු නොගසා මැතිවරණ පවත් වනු 

මැතිවරණයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නැහැ 

අලුත් උසාවි අරඹා නඩු ප්‍රමාදය වළකනු

නඩු ප්‍රමාදය වළක්වා ගැනීමට තිබෙන එකම ක්‍රමය වන්නේ අලුත් උසාවි ඇති කර නව විනිශ්චයකාරවරුන් පත් කිරීම යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී බදාදා (09) අවධාරණය කළේය.

රටේ උද්ගත වී තිබෙන වත්මන් තත්ත්වය සහ අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය. 

දැන්වීම

අධිකරණයේ ස්වාධීනත්වය අපි කවුරුත් අගය කරනවා. ඒ වගේම නඩු ප්‍රමාද වීම පිළිබදව දීර්ඝ කාලයක් තිස්සේ කතා බහට ලක් වෙනවා. මම හිතන විදියට නඩු ප්‍රමාදය වලක්වන්න තියෙන එකම ක්‍රමය තමයි අලුත් උසාවි ඇති කරලා නව විනිශ්චයකාරවරුන් පත් කිරිම. එකම උසාවියක් තියා ගෙන මොන ක්‍රමවේද හැදුවත් නඩු ප්‍රමාදය වලක්වන්න බෑ. 

අද අධිකරණ ඇමතිතුමා කිව්වා එතුමා ආඩම්බර වෙනවා කියලා. නමුත් මම එතුමාට කියන්න කැමතියි මේ ආණ්ඩුව ඇවිල්ල මාස කිහිපයක් යන කොට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අපිට විරුද්ධව ආව යෝජනාවේ එක වගන්තියක් තමයි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව තියෙන්නේ. අධිකරණය, මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම සදහා වන වග කිව යුතු ආයතනයන්හි ස්වාධිනත්වය ඛාදනය වන අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය විම පිළිබඳව පවතින අධිකරණයට දේශපාලන බලපෑම් කිරිම යන කාරණා ගැන එම වගන්තියේ සදහන් වෙනවා. ඉතින් කොහොමද ආඩම්බර වෙන්නේ..? ගොඩනැගිලි හදන්න පුළුවන්. විනිශ්චයකාරවරුන් පත් කරන්න පුළුවන්. පඩි වැඩි කරන්න පුළුවන්. යහ පාලන කාලයේ තමයි විනිශ්චයකාරවරුන්ගේ පඩි 300%කින් වැඩි කෙරුවේ. මම කියන්නේ අධිකරණයේ ගුණාත්මකභාවය වැඩි කරන්න ඕනේ. ජාත්‍යන්තර ප්‍රජාව ලබන මාසේ අපෙන් මේවා අහනවා. කෝ මේවාට උත්තර තියනවද ඇමතිතුමා.

අද රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තියනවා. නමුත් මුදල් ඇමතිතුමා මේ ගැන වචනයක් කතා කරනවද..? එතුමා පාර්ලිමේන්තුවත් එන්නේ නෑ. ලැජ්ජා නැතිව ලෝකේ වටේ ගිහින් හිඟා කනවා. බංගලාදේශයෙන්, ඉන්දියාවෙන් හිඟා කනවා. ලැජ්ජා නැද්ද..? නමුත් දේශානුරාගය ගැන කියලයි ජන්දය ගත්තේ. මේ අය ගෙනාපු 20 වැනි සංශෝධනය නිසයි එක්සත් ජාතීන්ගේ සංගමය අපිට විරුද්ධව යෝජනාවක් සම්මත කළේ. 20 වැනි සංශෝධනයෙන් ජනාධිපතිතුමා උඩින් තියලා එතුමා යටතට අනික් ඔක්කොම දැම්මා. අධිකරණය, රාජ්‍ය පරිපාලනය මේ සියල්ල එතුමා යටතට දැම්මා. ඒ අයට ස්වාධින තීරණයක් ගන්න බැ. ජාත්‍යන්තරයට අපි කියන්න හොද නෑ අපි හරි කියලා. ජාත්‍යන්තරයයි ඒක කියන්න ඕනේ.

දැන් අලුත්ම වචනය තමා නිදොස් කොට නිදහස්. ත්‍රිවිල් කරුවනුත් කියන්නේ එහෙමයි. අධිකරණයට දොස් කියලා හරියන්නේ නැ. මොකද පැමිණිල්ල මෙහෙය වන විදියටයි තීන්දුව ලබා දෙන්නේ. වර්තමාන අග්‍රවිනිශ්‍චයකාරතුමා නීතිපති කාලයේ තමා මේ නඩු සියල්ල දැම්මේ. ඉතා හොද විනිශ්චයකාවරයෙක් එතුමා. නඩුවක් දාන කොට එහෙන් මෙහෙන් දාන්නේ නැ. කණ්ඩායම් 4ක් පරික්ෂා කරලයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩුවක් දාන්නේ. එහෙමයි මේ නඩු දාලා තියෙන්නේ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ. නඩුව උසාවියට ආවම නඩුව හරියට මෙහෙය වන්නේ නැ. විත්තිකරුවන් නිකන්ම නිදහස්.  දැන් පාස්කු ප්‍රහාරය බලන්න. නඩුකාරතුමා කිව්වේ ලියකියවිලි ඉදිරිපත් කළත් ඡායා පිටපත් ඉදිරිපත් කරලා, අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන් දෙනාගෙන් එක්කෙනයි අත්සන් කරලා තියෙන්නේ කියලා. ඉතින් නිදහස් වෙන්නේ නැද්ද..? මම අධිකරණයට දොස් කියන්නේ නෑ. අධිකරණය උත්සහා කරනවා මේ බලපෑම්වලින් මිදෙන්න. පැමිණිල්ල මෙහෙය වන අය ඉන්නේ ආණ්ඩුවේ. මේ අය තමයි මේ සියල්ල කරන්නේ.

මම අධිකරණ ඇමතිතුමාට කියන්නේ මේවා නිවැරදි කරන්න. 2015 අපේ ආණ්ඩුවට බලයට අවා. ඒ කාලේ හිටපු අග්‍රවිනිශ්චයකාරතුමා ඇවිත් ජනාධිපතිතුමාට කිව්වා ඕන නඩු තීන්දුවක් දෙන්නම් මාව අස් කරන්න එපා කියලා. ලැජ්ජයි. හිරිකිතයි. මෙහෙම අය තමා හිටියේ. හරි නම් 2015 ට කලින් දුන්න නඩු තීන්දු සියල්ල අහෝසි කරන්න ඕනේ. එවකට ආණ්ඩුවට අවශ්‍ය විදියටයි නඩු තීන්දු දීලා තියෙන්නේ.

අධිකරණ ඇමතිතුමා 20 වැනි සංශෝධනය ගෙනාවා අපි කවුරුත් දන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නඩු කතා කරන මහත්වරු ටිකක් එකතු වෙලා ව්‍යවස්ථාව හදලා ඉදිරිපත් කළා. එහෙම කරන්න බෑ. ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා එන්න ඕනේ. ඔබතුමා සම්පුර්ණ වැරදි විදියටයි කළේ.

අපේ රටේ ව්‍යවස්ථාව අනුව අවුරුදු දෙකෙන් දෙකට මැතිවරණයක් තිබිය යුතුයි.  එහෙම කරලා තියෙන්නේ රටේ ජන මතය දැන ගන්න. බැසිල් රාජපක්ෂ කියනවා හෙට වුණත් මැතිවරණයකට සූදානම් කියලා. නමුත් හොරෙන් කල් දානවා. මම එකක් කියනවා මැතිවරණයක් තිබ්බොත් මේ ආණ්ඩුවට ඇපත් නෑ. කයිවාරු එපා. මැතිවරණයක් තියන්න.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
අලුත් උසාවි අරඹා නඩු ප්‍රමාදය වළකනු | Lanka Newsweek