අලුත් ආණ්ඩුවෙන් ජනතාවගේ ජීවන බර අඩු කරන වැඩපිළිවෙළක් අපේක්ෂා කරනවා

රටේ දේපොළ, මුදල් කොල්ලකෑ හොරුන් අල්ලනවාට අමතරව ජනතාව වර්තමාන රජයෙන් බලාපොරොත්තු වූ දේවල් බොහොමයක් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි. හිටපු මන්ත්‍රීවරයා මේ බව…
රටේ දේපොළ, මුදල් කොල්ලකෑ හොරුන් අල්ලනවාට අමතරව ජනතාව වර්තමාන රජයෙන් බලාපොරොත්තු වූ දේවල් බොහොමයක් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ (23) සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
දැන්වීම
“රටේ දේපොළ, මුදල් කොල්ලකෑ හොරුන් අල්ලනවාට අමතරව ජනතාව වර්තමාන රජයෙන් බලාපොරොත්තු වූ දේවල් බොහොමයක් තිබෙනවා. අලුත් ආණ්ඩුවක් බලයට පත්වුණාට පසුව ජනතාව බලාපොරොත්තු වෙනවා, ඔවුන්ගේ ජීවන බර සැහැල්ලු කරන්න අලුත් ආණ්ඩුව වැඩපිළිවෙළක් සකස් කරයි කියලා.
වර්තමාන ආණ්ඩුව රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කෙසේද? සමාජයේ වෙනසක් ඇති කරන්නේ කෙසේද? රටේ විවිධ ක්ෂේත්‍ර දියුණු කරන්න ගන්න ක්‍රියාමාර්ග මොනවාද? රටේ ආදායම් මාර්ග වැඩි කරන්නේ කෙසේද? බදු අඩු කරන්නේ කෙසේද? භාණ්ඩ මිල අඩු කරන්නේ කෙසේද කියලා මැතිවරණ වේදිකාවල කියූ දේවල් තවම ක්‍රියාත්මක කරන ආකාරයක් පෙනෙන්න නෑ.
වර්තමාන ආණ්ඩුව ප්‍රකාශ කරනවා, විපක්ෂයක් අවශ්‍ය නෑ කියලා. රටේ සිටින බහුතරයක් වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන්නේ නෑ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ආණ්ඩුවක මූලික වගකීමක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට කටයුතු කිරීම ජනතාව සතු වගකීමක්. රට නිවැරදි මාවතකට ගෙන යන්න නම් රටට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි. ගෝඨාභය රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් දීලා සිදු වූ දේ අපි කවුරුත් දන්නවා. අත්තනෝමතික ආණ්ඩුවක් නිර්මාණය කර පොහොර තහනම ගෙනත් රටේ නිෂ්පාදනය අඩාළ කර දැම්මා. අත්තනෝමතික ලෙස මුදල් අච්චු ගහලා උද්ධමනය වැඩි කර භාණ්ඩවල මිල ඉහළ දැම්මා. ඒ නිසා රටේ ජනතාවට ඉන්ධන, විදුලිය නොමැති වුණා. ණය වාරික ගෙවා ගැනීමට නොහැකිව අවසානයේ රට බංකොලොත් වුණා.
කොමියුනිට්ස් පක්ෂවල අවසාන ඉලක්කය වෙන්නේ විපක්ෂයක් නොමැතිව තනි පාලනයක් රටේ ඇති කිරීමයි. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරුදායකයි. රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න, ඒ වෙනුවෙන් කතා කරන්න, ඒ වෙනුවෙන් සටන් කරන්න රටකට අනිවාර්යයෙන්ම විපක්ෂයක් අවශ්‍යයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න ඉදිරිපත් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රට තුළ තුලිත පාලනයක් ඇති කිරීමට කටයුතු කිරීම ජනතාවගේ වගකීමක්.”