අලි සබ්‍රි ගැන ජනපති කණස්සල්ලෙන්

මානව හිම්කම් කවුන්සිලයේ දී ඒකාධිපති රෙජීමයේ න්‍යායට අනුව ක්‍රියා කරලා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ ශ්‍රී ලාංකීය නියෝජනය මුළුමනින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයෙන්…
මානව හිම්කම් කවුන්සිලයේ දී ඒකාධිපති රෙජීමයේ න්‍යායට අනුව ක්‍රියා කරලා
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ ශ්‍රී ලාංකීය නියෝජනය මුළුමනින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයෙන් සහ උපදේශකත්වයෙන් ගිලිහී යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා බරපතළ ප්‍රශ්නයක සිර වී සිටියි.
මේ තත්ත්වය උද්ගත වී තිබෙන්නේ මානව හිමිකම් කඩ කිරීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නියෝජිත විදේශ ඇමති අලි සබ්‍රි මහතා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ න්‍යාය පත්‍රයට අනුව ක්‍රියා කිරීම නිසාය.
මේ සම්බන්ධයෙන් බලවත් කණස්සල්ලට පත් වී සිටී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022.10.06 වැනිදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළේ,ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව උද්ගත විය හැකි පීඩාව සමනය කර ගැනීම සඳහාය.
මානව හිමිකම්, වගවීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරන මතයට සපුරා විරුද්ධ මතවාදයක් විදේශ කටයුතු ඇමතිවරයා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී මතු කිරීම හේතුවෙන් එම විෂය පිළිබඳ ජනාධිපතිවරයාගේ කීර්තිය මුළුමනින්ම බිද වැටුණු හෙයින් ජිනීවාහිදී සම්මත වුණු වාර්තාවේ අඩංගු කරුණු ඊළඟ සැසිවාරයට පෙර කිසියම් ප්‍රමාණයකට ඉටු කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබේ.