අලි-මිනිස් ගැටුම අවසන් කරන්න කරු මැදිහත් වෙයි

වසර 60කට අධික කාළයක් ගැටලුවක්ව පැවති වන අලි තර්ජනවලට ජනතාව ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම "අලි-මිනිස්" ගැටුම ඇති රට බවට පත් වී තිබේ. ඊට විසඳුමක් ලෙස ප්‍රජා මූලික විදුලි වැටක්…
වසර 60කට අධික කාළයක් ගැටලුවක්ව පැවති වන අලි තර්ජනවලට ජනතාව ගොදුරු වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම "අලි-මිනිස්" ගැටුම ඇති රට බවට පත් වී තිබේ.
ඊට විසඳුමක් ලෙස ප්‍රජා මූලික විදුලි වැටක් හබරණ ප්‍රදේශයේ ආදර්ශ "අලි වැටක්" ලෙස රිටිගල ආසන්න බැඳිවැව ගම්මානයේ කිලෝ මීටර් 4.4 ක වපසරියක ස්ථාපිත කර ජන සතු කිරීම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.
2022 ජනවාරි මාසයේ ආරම්භ කළ මෙම වැඩ සටහන සංරක්ෂණ පර්යේෂනායතනය, Cinnamon හෝටල් සමූහය සහ TUI පදනම එක්ව සිදු කළ ව්‍යාපෘතියක් වන අතර එම ආයතන සම්බන්ධීකරණය සිදු කරනු ලැබුවේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා විසිනි.
මෙම ව්‍යාපෘතිය සඳහා වසර 30කට අධික කාලයක් තිස්සේ මෙම ගැටලුව පිළිබඳව පර්යේෂණ සිදු කරනු ලබන ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා සහ ආචාර්ය සුමිත් පිලපිටිය මහතා විසින් සම්පත් දායකත්වය ලබා දෙන ලදි.