අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අලියයි-පොහොට්ටුවයි එකට එක් වෙයි

අලියයි-පොහොට්ටුවයි එකට එක් වෙයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එකට එක්ව පොදු ලකුණක් යටතේ තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. එම දේශපාලන පක්ෂ දෙක මේ තීරණය ගෙන ඇත්තේ අඟහරුවාදා (10) දහවල් ජනාධිපති…

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එකට එක්ව පොදු ලකුණක් යටතේ තරඟ කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

එම දේශපාලන පක්ෂ දෙක මේ තීරණය ගෙන ඇත්තේ අඟහරුවාදා (10) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී වන අතර මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහා ලේකම්  
පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේ පැවසීය. 

"ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එකට එක්කාසු වෙලා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණයක් ගත්තා. ඒ අනුව දෙපාර්ශවයේම දිස්ත්‍රික්කවල ප්‍රධානීන් එකට හමු වෙලා සාකච්ඡා කළා. එහිදී අපි අලියා ලකුණින්  තරග කරන පළාත් පාලන ආයතන මොනවද, පොහොට්ටුව ලකුණින් තරග කරන පළාත් පාලන ආයතන මොනවද, එකට එක්ව තරග කරන පළාත් පාලනය මොනවද ආයතන සහ එකට එක්ව තරග කරන ස්ථානවල අපේක්ෂකයින් බෙදා ගැනීමේ පදනම මොකක්ද යන්න පිළිබදව සාකච්ඡා කළා. දිස්ත්‍රික්ක 5ක් පිළිබදව සාකච්ඡා කරලා අවසන් කළා. ඉතිරි දිස්ත්‍රික්ක පිළිබදව ඉදිරි දිනවලදී සාකච්ඡා කරනවා. පොදු ලකුණ මොකක්ද කියලා තවම තීරණය කරලා නෑ." 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අලියයි-පොහොට්ටුවයි එකට එක් වෙයි | Lanka Newsweek