අල්ලස - දූෂණය වෙනුවෙන් සජබය නෑ

(අචින්ත මධුර) රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී සමගි ජන බලවේගය හිටපු ජනාධිපතිවරයා නිදහස් කරගැනීම සඳහා සටනට සහාය ලබා දෙනු ලැබූවේ ඔහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබියදී ජනතා මුදලින්…
(අචින්ත මධුර)
රනිල් වික්‍රමසිංහ මහතා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී සමගි ජන බලවේගය හිටපු ජනාධිපතිවරයා නිදහස් කරගැනීම සඳහා සටනට සහාය ලබා දෙනු ලැබූවේ ඔහුට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබියදී ජනතා මුදලින් සිය බිරිය සමග බ්‍රිතාන්‍ය සංචාරයක නිරත වූ බවට වන චෝදනාවක් සඳහා ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම විපක්ෂයේ දේශපාලන පක්ෂ මර්දනය කිරීමක් ලෙස බොහෝ දේශපාලන විචාරකයින් පෙන්වා දී තිබූ පසු බිමකය.
නමුත් පසුගිය බදාදා පැවැති සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී වංචා දූෂණ චෝදනා එල්ල වූ සහ දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් වෙනුවෙන් මින් ඉදිරියට කිසිසේත්ම පෙනී නොසිටීමට සමගි ජන බලවේගය තීරණය කළ බවට අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග මගින් තොරතුරු වාර්තා වේ.
ඒ අනුව මින් ඉදිරියට දූෂණ හෝ අල්ලස් චෝදනා එල්ල වූ කිසිවෙකු වෙනුවෙන්, මොනම ආකාරයකින්වත් පෙනී නොසිටීමට විපක්ෂ නායක වරයා ප්‍රමුඛ සජබය තීරණය කර ඇති බව නවතම තොරතුරු මගින් පෙන්වා දෙයි.