අල්ලස් පනත වඩාත් බලාත්මක කෙරේ

(උපුල් බණ්ඩාර) සුවිශේෂී පුද්ගලයන් ලෙස නම් කොට ඇති පුද්ගලයින්ගේ වත්කම් බැරකම් පිළිබදව වාර්තා පවත්වා ගෙන යාමට ද යම් විශේෂිත පුද්ගලයෙකු පිළිබද සිදු කරන විමර්ශනයකදී එම විමර්ශනය තනිව පැවැත්වීමට ද හැකි වන…
(උපුල් බණ්ඩාර)
සුවිශේෂී පුද්ගලයන් ලෙස නම් කොට ඇති පුද්ගලයින්ගේ වත්කම් බැරකම් පිළිබදව වාර්තා පවත්වා ගෙන යාමට ද යම් විශේෂිත පුද්ගලයෙකු පිළිබද සිදු කරන විමර්ශනයකදී එම විමර්ශනය තනිව පැවැත්වීමට ද හැකි වන පරිදි අල්ලස් හෝ දුෂණ විමර්ශන පනතට නෛතික බලයක් ලබා දීමට රජය සැලසුම් කොට තිබේ.
ඊට අමතරව ශ්‍රී ලංකාවේදී වගේම විදේශයන්හි ද අල්ලස් හෝ දුෂණ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට ද රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ පුද්ගලයින්ට එරෙහිව විමර්ශන සිදු කිරීමටද හැකිවන පරිදි පනතට සංශෝධන ඉදිරිපත් කිරීමටද රජය තීන්දු කොට ඇති බවද ව්‍යවස්ථාදායක සභා අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.