අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අර්ජුන රණතුංග දේශපාලනයෙන් සමු ගනී..?

අර්ජුන රණතුංග දේශපාලනයෙන් සමු ගනී..?

රනිල් එක්ක එජාපයට අනාගතයක් නැහැ පාක්ෂිකයින් අසරණ වෙලා තව දුරටත් කල් මැරුවොත් වැඩ වරදියි (සුජිත් මංගල ද සිල්වා) ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලෝක පූජිත ක්‍රිකට්…

රනිල් එක්ක එජාපයට අනාගතයක් නැහැ 

පාක්ෂිකයින් අසරණ වෙලා 

තව දුරටත් කල් මැරුවොත් වැඩ වරදියි 

(සුජිත් මංගල ද සිල්වා)


ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රණතුංග මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගැනීමට සූදානමින් සිටියි.

එක්සත් ජාතික පක්ෂයේ රැඩිකල් පෙරළියක් සිදු කරමින් ජනතාව නියෝජනය කරන ජාතික දේශපාලන ප්‍රවාහයක් සහ බලවේගයක් බවට පක්ෂය පරිවර්ථනය කර සුදුස්සාට සුදුසු ස්ථානය ලබා දී ජයග්‍රහණය කරා පක්ෂය මෙහෙයවීමට අවශ්‍ය ක්‍රියා මාර්ග නොගෙන තව දුරටත් කල් මරන්නේ නම් තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගන්නා බව අර්ජුන රණතුංග මහතා එකසත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ වන විටත් නිල වශයෙන් දැනුම් දී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ක්‍රියාකලාපයට එරෙහිව අර්ජුන රණතුංග මහතා මීට සති කිහිපයකට පෙර තමා දැරූ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධානයේ සභාපති ධූරයෙන් ද ඉල්ලා අස් විය.

දේශබන්දු කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් පිරිසක් සමග අර්ජුන රණතුංග මහතා ඉතා කලකිරීමෙන් යුතුව කියා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ සමීපතමයින් සමග එක්සත් ජාතික පක්ෂයට දේශපාලන අනාගතයක් නොමැති අතර පාක්ෂිකයින් අන්ත අසරණ වී සිටින බවය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අර්ජුන රණතුංග දේශපාලනයෙන් සමු ගනී..? | Lanka Newsweek