අර්ජුන මහේන්ද්‍රන් නැතිව බැඳුම්කර නඩුව විභාග කරන්න ඉල්ලීමක්

(හේමන්ත තුසිත කුමාර) හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් සහ 10 වන විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව ඉදිරියට ගෙන යන මෙන් නීතිපතිවරයා…
(හේමන්ත තුසිත කුමාර)
හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් සහ 10 වන විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව ඉදිරියට ගෙන යන මෙන් නීතිපතිවරයා බදාදා(13) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ නඩුවේ එම විත්තිකරුවන් දෙදෙනා මේ වන විට විදේශ ගතව සිටින බව වාර්තා වේ.හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති අතර අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා මේ වන විට මැලේසියාවේ වාසයකරන බවට තොරතුරු ලැබී ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා පවසා ඇත.
එම නඩුව අද චම්පා චානක රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
නඩුව නැවත දෙසැම්බර් මස 03 වනදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින අදාල විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාගය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සාක්ෂි මෙහෙවීමට පියවර ගන්නා මෙන් පැමිණිලි පාර්ශවයට නියෝග කළේය.