අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අර්ජුන ඇලෝසියස් මීට කලින් අත්අඩංගුවට නොගත්තේ ඇයි..?

අර්ජුන ඇලෝසියස් මීට කලින් අත්අඩංගුවට නොගත්තේ ඇයි..?

දේශපාලන සංදර්ශන එපා-අවුරුද්දක් තිස්සේ ඔහු ආරක්ෂා කළේ ඇයි..? (සුජිත් මංගල ද සිල්වා) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගැනීමට වසරකට අධික කාලයක් ගත කළේ කුමක් නිසා දැයි…

දේශපාලන සංදර්ශන එපා-අවුරුද්දක් තිස්සේ ඔහු ආරක්ෂා කළේ ඇයි..?

(සුජිත් මංගල ද සිල්වා)

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති  අර්ජුන් ඇලෝසියස් මහතා   අත්අඩංගුවට ගැනීමට වසරකට අධික කාලයක් ගත කළේ කුමක් නිසා දැයි  එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් සහ  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රශ්න කර සිටියි.

ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාළව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත අත්හිටුවා වසරකට අධික කාලයක් ගත වුවද සමාගමේ සභාපති  අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට කිසිඳු පියවරක් නොගැණුනු බවද  අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දැන්වීම

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහා ලේකම් සහ අධ්‍යාපන  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්  අත්අඩංගුවට ගැනීමට හැකි පසුබිම සකස් කර තිබුණද වසරකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට නොගෙන සිට මේ අවස්ථාවේදී ඒ පියවර ගත්තේ සෙනසුරාදා(10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අරමුණු කර ගෙන දැයි අකිල විරාජ් කාරියවසම් මහතා විමසා සිටියි.

වසරක් තිස්සේ නොගත් පියවරක් පළාත් පාලන මැතිවරණය කට උඩට පැමිණි පසු ක්‍රියාත්මක කිරීම තවත් එක් දේශපාලන සංදර්ශනයක කදිම නිදසුනක් බවද එක්සත් ජාතික පක්ෂයේ  මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අර්ජුන ඇලෝසියස් මීට කලින් අත්අඩංගුවට නොගත්තේ ඇයි..? | Lanka Newsweek