අරලිය මැදුරේ බඩු උස්සද්දී “පැන්ෂන් විකී” මාට්ටු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

සාගල රත්නායක සිද්ධිය යට ගහලා..! (සුමුදු පෙරේරා) අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා එහි කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පහකට අධික…
සාගල රත්නායක සිද්ධිය යට ගහලා..!
(සුමුදු පෙරේරා)
අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා එහි කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුතු රජය සතු නවීන පන්නයේ ගෘහ භාණ්ඩ තොගයක් ලොරියක පටවා ගෙන ගෙදර රැගෙන යන්න දැරූ උත්සහයක් ව්‍යර්ථ වී ගොස් තිබේ.
හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතාගේ මෙම රාජ්‍ය දේපොළ ගෙදර රැගෙන යාමේ උත්සාහය ව්‍යර්ථ වී ගොස් තිබෙන්නේ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ මැදිහත්වීමෙනි.
හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා සිය නිවසට රැගෙන යාම සඳහා, රජය සතු මේ ගෘහ භාණ්ඩ තොගය ලොරියකට පට වන බවට අරලිය ගහ මන්දිර පරිශ්‍ර කළමණාකාරිනී රුවිනි දීපිකා මහතමියට ආරංචි වී ඇති අතර ඒ අනුව වහාම ක්‍රියාත්මක වී ඇති ඇය ඒ බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත පැමිණිලි කර තිබේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වී ඇති සමන් ඒකනායක මහතා අරලිය ගහ මන්දිරයට පැමිණ ඇති අතර ඒ වන විටත් හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා අදාළ ගෘහ භාණ්ඩ තොගය ලොරියට පටවා ගෙන සිය නිවසට රැගෙන යන්න සුදානමින් සිට ඇත.
මේ සිද්ධිය දැකීමෙන් වික්ෂිප්ත භාවයට පත්ව ඇති සමන් ඒකනායක මහතා රාජ්‍ය දේපොළ අව භාවිත කිරීමේ මෙම නීති විරෝධී ක්‍රියාව වහාම නතර කර අදාළ ගෘහ භාණ්ඩ තොගය තිබූ ස්ථානයේම නොතැබුව හොත් පොලිසියට පැමිණිලි කර නීති මගින් ක්‍රියා කරන බවට තරයේ දැනුම් දී ඔහුගෙන් මේ ක්‍රියාව සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසා තිබේ.
ඒ අවස්ථාවේදී හරිචන්ද්‍ර වික්‍රමසිංහ මහතා සමන් ඒකනායක මහතාට කියා තිබෙන්නේ මේ ගෘහ භාණ්ඩ රැගෙන යන්නේ මේ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට දැනුම් දී ඔහුගේ අවසරය ඇතිව බවය.
කිනම් පුද්ගලයකුගේ අවසරයක් තිබුණත් රාජ්‍ය දේපොළ එසේ අව භාවිතය කරමින් ගෙදර රැගෙන යන්න නොහැකි යැයි ද එසේ කිරීම දඬුවම් ලැබිය යුතු නීති විරෝධී ක්‍රියාවක් යැයි ද අරලිය ගහ මන්දිරයේ තිබෙන රාජ්‍ය දේපොළවල වගකීම තිබෙන්නේ දේශපාලනඥයකු වන සාගල රත්නායක මහතාට නොව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් රාජ්‍ය නිලධාරියා වන තමාට යැයි ද සමන් ඒකනායක මහතා එහිදී තරයේ කියා තිබේ.
අවසානයේදී රජය සතු එම නවීන පන්නයේ වටිනා ගෘහ භාණ්ඩ තොගය තිබූ ස්ථානයේම තබා ඇති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා මේ සිද්ධිය එළියට යාම වැළැක්වීමට වග බලා ගන්න යැයි ආරක්ෂක අංශයට ද උපදෙස් දී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
