අරලිය මැදුරට හොරු පැනලා..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

ලක්ෂ ගණනක පරිගණක-කැමරා උපකරණ අතුරුදන්..! ඩී.අයි.ජී.හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ පරීක්ෂණ යට ගහලා..! සමන් අතාවුදට ඇඟිල්ල දිගු වෙයි..? (සුජිත් මංගල ද සිල්වා) අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි…
ලක්ෂ ගණනක පරිගණක-කැමරා උපකරණ අතුරුදන්..!
ඩී.අයි.ජී.හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ පරීක්ෂණ යට ගහලා..!
සමන් අතාවුදට ඇඟිල්ල දිගු වෙයි..?
(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතාගේ මාධ්‍ය ඒකකය යටතේ තිබූ රජය සතු රුපියල් ලක්ෂ ගණනක් වටිනා “ලැප්ටොප්” වර්ගයේ අලුත්ම පරිගණකයක් ඇතුළු පරිගණක සහ ඩිජිටල් වර්ගයේ නවීන කැමරා උපකරණ තොගයක් අතුරුදන් වී තිබේ.
පරිගණක සහ කැමරා උපකරණ ඇතුළු මේ රාජ්‍ය දේපොළ ලැයිස්තු ගත කර භාර දී තිබෙන්නේ සමන් අතාවුදහෙට්ටි මහතාට වන අතර ඔහු වෙනුවෙන් එම භාණ්ඩ පරීක්ෂා කර භාර ගෙන අරලිය ගහ මැදුරේ උඩු මහලේ කාමරයක ගබඩා කර යතුර භාර ගෙන ඇත්තේ රාජ්‍ය සේවයේ ලිපිකාරිණියක් ලෙස මාධ්‍ය ඒකකයට අනුබද්ධිතව සේවය කරන ශ්‍යාමලී කාරියවසම් මහත්මිය විසිනි.
මේ උපකරණ තොගය අතුරුදන් වී ඇති බව හෙළිවී ඇත්තේ අරලිය ගහ මැදුරේ සේවය කරන නිලධාරීන්ට ඇති වූ අවශ්‍යතාවයක් මත අදාළ ගබඩාවෙන් පරිගණක යන්ත්‍ර කිහිපයක් ගැනීමට ගිය අවස්ථාවේදීය.
ඒ අවස්ථාවේදී යතුර සිය භාරයේ තිබුණත් ගබඩාවේ දොර විවෘත කර තිබෙනු ශ්‍යාමලී කාරියවසම් මහත්මිය දැක ඇති අතර ඒ අනුව පරීක්ෂා කර බැලීමේදී මේ උපකරණ තොගය අතුරුදන් වී තිබෙනු ඇය දැක ඇත.
ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා දැනුවත් කර ඇති ඇය ඔහු මාර්ගයෙන් අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා හමුවේ පැමිණිල්ලක් කර තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුම්වත් කර කොල්ලුපිටිය පොලිසියේ පැමිණිල්ලක් කළ යුතු බවට යෝජනා කෙරුණු අවස්ථාවේදී එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිචන්ද්‍ර වික්‍රමසිංහ මහතා කියා තිබෙන්නේ එසේ කළොත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් වගේම තමා සහ ශ්‍යාමලී කාරියවසම් මහත්මිය ද අපහසුතාවයට පත් වන නිසා එවැනි පැමිණිල්ලක් කළ නොහැකි බවය.
මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කර සිද්ධිය සමථයකට පත් කර ගනිමු යැයි ද හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා එහිදී උපදෙස් දී තිබේ.
කෙසේ නමුත් අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග තහවුරු කර කියා සිටියේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන තුරුත් කිසිදු අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු වී නොමැති අතර අදාළ උපකරණ තොගය ද සොයා ගැනීමට නොහැකි වී ඇති බවය.
අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා යටතේ විශේෂයෙන් අරලිය ගහ මන්දිරයේ තිබෙන බඩු භාණ්ඩ මෙසේ අතුරුදන් වන්නේ කෙසේ දැයි ද එසේ නම් රටේ අගමැතිවරයා සිටින මේ ස්ථානයේ තිබෙන ආරක්ෂාව කුමක් දැයි ද ප්‍රශ්න කළ අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ මේ සිද්ධියේ වගකීම සමන් අතාවුදහෙට්ටි මහතා භාර ගත යුතු බවය.
විශ්‍රාම ලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා මේ පරීක්ෂණය යට ගසා තිබෙන්නේ කවුරුන් ආරක්ෂා කිරීමට දැයි ප්‍රශ්න කළ එම ප්‍රකාශකයා මේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ පැමිණිලක් නොකිරීමෙන් ඔහු නීති විරෝධී ක්‍රියාවක් කර ඇතැයි ද පෙන්වා දුන්නේය.
රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයට පරිගණක සහ කැමරා උපකරණ මිල දී ගැනීම සඳහා ජපානයේ සංවිධානයක් සමන් අතාවුදහෙට්ටි මහතා මාර්ගයෙන් පක්ෂයට පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ ගණනක මුදලට අත් වූ ඉරණම ගැන ද තොරතුරු “lankanewsweek” සතුව පවතින අතර ඒ පිළිබඳව අපි ඉදිරියේදී හෙළි කරමු.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2