අරගලය යළි ඇරැඹෙයි-ප්‍රජාව පණ දෙයි

සාධාරණ සමාජයක් වෙනුවෙන් ප්‍රජාව යළි කරළියේ රැඩිකල් තාරුණ්‍යයේ දේශපාලන විලාසිතාව-චතුර මිනී මරු-දූෂිත රෙජීමයේ බලකොටුවටම ගොස් අභියෝග කරයි සරසවි ප්‍රජාව චතුර වටා එක් රැස් වෙයි ඉන්දීය අග්‍රාමාත්‍ය චතුරට…
සාධාරණ සමාජයක් වෙනුවෙන් ප්‍රජාව යළි කරළියේ
රැඩිකල් තාරුණ්‍යයේ දේශපාලන විලාසිතාව-චතුර
මිනී මරු-දූෂිත රෙජීමයේ බලකොටුවටම ගොස් අභියෝග කරයි
සරසවි ප්‍රජාව චතුර වටා එක් රැස් වෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය චතුරට දුන් උපදෙස්ය

රැඩිකල් තාරුණ්‍යයේ දේශපාලන විලාසිතාව-චතුර සේනාරත්න නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය (ප්‍රජාව) ගාලු මුවදොර අරගලකරුවන් සමග එකට එක්ව සාධරණ සමාජයක් වෙනුවෙන් රට පුරා ගෙන යන විප්ලවීය ජන අරගලයේ පළමු ජන රැලිය හම්බන්තොට, සිංගපූරු සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉරිදා (06) සවස 2.00 ට පැවැත් වේ.
චතුර සේනාරත්නගේ නායකත්වයෙන් ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ බලකොටුවටම ගොස් අභියෝග කරමින් සංවිධානය කරන මෙම ජන රැලියේ දී ධානිෂ් අලී සහ පියත් නිකේෂල ප්‍රධාන අරගලකරුවන් සේම රට පිළි ගත් උගතුන් සහ බුද්ධිමතුන් රැසක් ජනතාව අමතති.
දැන්වීම
මාදුළුවාවේ සෝභිත නා හිමියන්ගේ නායකත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සමග එක්ව දුෂණයට, භීෂණයට සහ මර්දනයට එරෙහිව ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පෙරළා දැමීමේ දී ගාමක බලවේගය ලෙස ක්‍රියා කළේ ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය වේ.
අරගලකරුවන්ට අමතරව විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් 1000ක් මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය සමග එකට එක්ව සිටින අතර රැඩිකල් විප්ලවයකින් රට ඉදිරියට තල්ලු කිරීමට (Big Push) අවශ්‍ය බුද්ධිමය දායකත්වය එම විශ්ව විද්‍යාල ප්‍රජාව ලබා දෙති.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය යටතේ ශ්‍රී ලංකාවේ සිවිල් ව්‍යාපාරය ශක්තිමත් කිරීමට චතුර සේනාරත්න දරන උත්සාහය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ද අගය කර ඇති අතර ඒ ඔහු යහ පාලන සමයේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදුණු අවස්ථාවේ දී ය.
සිවිල් ව්‍යාපාරය කිසදා අත නොහැර එම බලවේග එක්ක නිතරම කටයුතු කරමින් ඉදිරියට යන ලෙසට ඔහුට උපදෙස් දුන් නරේන්ද්‍ර මෝඩි මහතා භාරතීය ජනතා පක්ෂයේ නායක සහ විපක්ෂ නායක ලෙස ලාල් ක්‍රිෂ්ණ අද්වානි මහතා සිටිය දී, තමා පක්ෂයේ අගමැති අපේක්ෂා ලෙස නම් කරන ලදුව ඉන්දියාවේ අගමැති වුණේ ඉන්දීය සිවිල් ව්‍යාපාරයේ බල කිරීම සහ ඉල්ලීම මත බව ද පෙන්වා දුන්නේය.
දේශපාලන පක්ෂ නොව සිවිල් ව්‍යාපාර සමග හිට ගන්නැයි ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා චතුර සේනාරත්නට කියා සිටියේ එම ගෝලීය දේශපාලන වාතාවරණය සහ තත්ත්වයන් යටතේ වන අතර මේ මොහොතේ ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින්නේ අරගලකරුවන් සහ සිවිල් ව්‍යාපාර එකට ඒකරාශී වෙමින් රටේ අනාගත දිශානතිය තීරණය කිරීමය.
