අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අරගලයේ මුවාවෙන් මහ මග ඝාතනය කළ මන්ත්‍රී අතුකෝරළගේ නඩුවේ තීන්දුව අද

අරගලයේ මුවාවෙන් මහ මග ඝාතනය කළ මන්ත්‍රී අතුකෝරළගේ නඩුවේ තීන්දුව අද

සැකපිට පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව බදාදා (11) ගම්පහ මහාධිකරණ…

සැකපිට පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව බදාදා (11) ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

2022 වසරේ මැයි මස 09 වැනිදා මුළු රටම ගිනියම් වූ අරගලකාරී සමයේ නිට්ටඹුව නගරය හරහා ගමන් කරමින් සිටි පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා අරගල කරුවන් යයි කියා ගන්නා ප්‍රකෝපකාරී පිරිසකගේ ප්‍රහාරයට ලක්ව මෙලෙස ඝාතනයට ලක් විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබ තිබුණි.

දැන්වීම

දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ජනවාරි මස 14 වන දිනට නියම කර තිබුනද එදින කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පෙබරවාරි 11 එනම් අද දින දක්වා කල් තැබීමට තීරණය කරනු ලැබීය.

ඒ අනුව අදාල නඩු තීන්දුව සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී අද ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න