අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අරගලයට දින 100යි-අරමුණු ඉටු වන තුරු සටන දිගටම-ජීවන්ත පීරිස් පියතුමා කියයි

අරගලයට දින 100යි-අරමුණු ඉටු වන තුරු සටන දිගටම-ජීවන්ත පීරිස් පියතුමා කියයි

(හේෂාන් සම්පත්) ගාලුමුවදොර ජනතා අරගලය ආරම්භ කර ඊයේ (17) ට දින 100ක් සම්පූර්ණ විය. ජනාධිපති ධූරයේ රැඳී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කිරීමට හැකි වීම ජනතා අරගලයේ පළමු ජයග්‍රහණය බව දින 100 සපිරීම…

(හේෂාන් සම්පත්)

ගාලුමුවදොර ජනතා අරගලය ආරම්භ කර ඊයේ (17) ට දින 100ක් සම්පූර්ණ විය.

ජනාධිපති ධූරයේ රැඳී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් කිරීමට හැකි වීම ජනතා අරගලයේ පළමු ජයග්‍රහණය බව දින 100 සපිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයකු වන ජීවන්ත පීරිස් පියතුමා පැවසීය.

අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක වන තුරු එය ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි ද ජීවන්ත පීරිස් පියතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

දැන්වීම

වැඩබලන ජනාධිපති ධුරයේ කටයුතු කරන රනිල් වික්‍රමසිංහ පන්නා දමන තුරු ගාලුමුවදොර අරගලය අවසන් නොවන බව වෙනසක තාරුණ්‍ය්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු විරසේකර මහතා කියා සිටියේය. එමෙන්ම බලය ගන්නට බලාපොරොත්තු වන ඕනෑම පුද්ගලයකු ගාලුමුවදොර අරගලකරුවන් නිකුත් කළ ක්‍රියාකාරී සැලසුමේ යෝජනා පිළිගෙන ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

ගාලුමුවදොරදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔවුහු මෙම අදහස් පළ කළ අතර මෙහිදී අරගලයේ ක්‍රියාකාරීන් රැසක් අදහස් දැක්වූහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න