අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අරගලකරුවන්ට පහරදීම ගැන එක්සත් ජාතීන්ගෙන් දැඩි අවධානයක්.

අරගලකරුවන්ට පහරදීම ගැන එක්සත් ජාතීන්ගෙන් දැඩි අවධානයක්.

(විමුක්ති එස් රුද්‍රිගු) ගාලු මුවදොර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිතා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක…


(විමුක්ති එස් රුද්‍රිගු)

ගාලු මුවදොර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට බලය භාවිතා කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් හැම්ඩි මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.

මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට පෙනී සිටින්නන් හට විරෝධතා සහ එහි ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට හැකියාව තිබෙන බවත් එයට බාධා එල්ල නොකළ යුතු බවත් එම සටහනේ දැක්වේ.

සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය යටපත් කිරීමට උත්සහ කිරීම තුලින් රටේ දේශපාලන සහ ආර්ථික අස්ථාවරත්වය තවත් නරක අතට හැරිය හැකි බව හැනා සින්ගර් හැම්ඩි මහත්මිය පැවසුවාය.

දැන්වීම

තවද ජනතාවගේ උපදෙස් ලබා ගනිමින් සාමකාමී විසඳුමකට යාම ඉදිරියට යා හැකි එකම මාර්ගය බව හැනා සින්ගර් හැම්ඩි මහත්මිය පෙන්වා දුන්නාය.  

ශ්‍රී ලංකාවේ සිදුවන වත්මන් බල හුවමාරුවේදී අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඉතා වැදගත් බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීම ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට උදව් විය හැකි ආකාරය සිතා ගත නොහැකි බව එම සටහනේ දැක්වේ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අරගලකරුවන්ට පහරදීම ගැන එක්සත් ජාතීන්ගෙන් දැඩි අවධානයක්. | Lanka Newsweek