අය-වැය ගැන කතා කරන්න කෝටි 20ක් ගිලලා

අයවැය විවාදය පැවැති කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. මන්ත්‍රීවරුන්, අමුත්තන්, නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම,…
අයවැය විවාදය පැවැති කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මන්ත්‍රීවරුන්, අමුත්තන්, නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම, ඉන්ධන, විදුලිය ජලය, වැටුප් සහ දීමනා යනාදිය වෙනුවෙන් මෙම මුදල් වැයවී ඇති අතර අයවැය විවාදය පැවැත්වුණු මුළු දින ගණන 20කි.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට 2022 නොවැම්බර් මස 14 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය. ඊට පසුව අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම 2022 නොවැම්බර් මස 15 වැනිදා ආරම්භවී එම මස 22 වැනිදා දක්වා දින හතක කාලයක් පැවැත්විණ. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය 2022 නොවැම්බර් 23 වෙනිදා ආරම්භවූ අතර විවාදය 2022 දෙසැම්බර් 8 වෙනිදා දක්වා දින 13 ක් පැවැත්වුණේය.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් 2022 දෙසැම්බර් 13 වැනිදා පැවැත් වුණු අතර ප්‍රශ්න අසන මන්ත්‍රීවරුන් සේම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ඇමැතිවරුන් බොහෝ දෙනකුද එදින සභාවට නොපැමිණීම විශේෂත්වයක් වන අතර එම රැස්වීම සඳහාද රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයවී ඇතැයි වාර්තා වේ.