අයහපත් කාලගුණය අදත්

(නිලන්ති චන්ද්‍රසේන) අද (23) දිනයේ වැසි තත්ත්වය යළිත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම ඇතුළු පළාත් කිහිපයකට අද දිනයේත් තද වැසි ඇති විය…
(නිලන්ති චන්ද්‍රසේන)
අද (23) දිනයේ වැසි තත්ත්වය යළිත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම ඇතුළු පළාත් කිහිපයකට අද දිනයේත් තද වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවා වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දැන්වීම
ඊසාන, වයඹ හා බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගයද වැඩි විය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අනතුරු අඟවයි.
මේ අතර වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට අවතැන් වූ ගණන 24000 ඉක්මවන අතර පිඩාවට පත් වූ ගණන 68000 කට අධික බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 9කි.
මේ අතර අධික වර්ෂාවත් සමග ඊයේ රාත්‍රියේ උඩවලව ජලාශ්‍රයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් ජලාශ්‍රය පහළ වළවේ ගඟ භාවිත කරන ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.