අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අයහපත් කාලගුණයෙන් විපතටපත් ගාලු ජනතාවට කඩිනම් සහන..!

අයහපත් කාලගුණයෙන් විපතටපත් ගාලු ජනතාවට කඩිනම් සහන..!

අධිකවැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍යසියලු පියවර ගන්නා ලෙස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල…

අධිකවැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍යසියලු පියවර ගන්නා ලෙස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්  ලබා දී  ඇත. 

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ එමඟින් පීඩාවට පත් ගාල්ල දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ පිළිබඳව අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අඟහරුවාදා  (24) පස්වරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 3000ක් පමණ ප්‍රමාණයක් මේ වන විට  පීඩාවට පත්ව ඇති අතර ඉදිරි කාලය තුළ මෙම සංඛ්‍ය ලේඛණ වෙනස් විය හැකි බවත්, නිවාසවලට බරපතළ හානි සිදු වී තිබිය හැකි බවත් දැන ගැනීමට ලබී ඇත.

දැන්වීම

තවද ගාල්ල, බද්දේගම, යක්කලමුල්ල, නාගොඩ, තවලම, නෙළුව, නියාගම, ඇල්පිටිය,හික්කඩුව, ගෝනපීනුවල, බෙන්තර, බලපිටිය, වැලිවිටිය - දිවිතුර ඇතුළු දිස්ත්‍රික්කයේසියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් විශාල ප්‍රමාණයක් පීඩාවට පත් වී ඇති බැවින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ක්ෂේත්‍ර නිලධාරීන් කඩිනමින් ක්‍රියාත්මක වී විශේෂයෙන් කටයුතු කරන ලෙස අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් උපදෙස් දී ඇත. මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද දැනුවත් කර ඇති අතර සියලුම බල ප්‍රදේශවල සිදුව ඇති හානි තක්සේරු කර වන්දි ගෙවීමට කටයුතු කරන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දන්වා සිටී. 

විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ගිංගඟ කිලෝමීටර් 116ක් පමණ දුරක් ගලා බසින බැවින් ගඟ දෙපස ජීවත්වන ජන කොටස්වලට ආරක්ෂක ස්ථානවල සිට හා ආරක්ෂක වැඩපිළිවෙළට අනුරූපව කටයුතු කරන ලෙසද ගාල්ල දිස්ත්‍රික් ජනතාවගෙන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉල්ලා සිටියි.  මෙම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහත්වරු ඇතුළු ත්‍රිවිධහමුදා නියෝජිතයින් හා ආපදා කළමනාකරණ මණ්ඩල නිලධාරීහු සහභාගි වූහ. 

මෙම අවස්ථාවෙන්අනතුරුව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉකුත්දා ගාල්ල වඳුරඹ, කොකාවල කන්ද  ප්‍රදේශයේ  නිවසක් මතට පස් කණ්ඩියක්  කඩා වැටීමෙන් එම නිවසේ  සිටි මිය ගිය කාන්තාවගේ දේහයටඅවසන් ගෞරව දැක්වීමට සහභාගී වූ අතර එහිදී වන්දි මුදල් පරිත්‍යාගයක්ද සිදු කෙරුණි. 

අයහපත් කාලගුණයෙන් විපතටපත් ගාලු ජනතාවට කඩිනම් සහන..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අයහපත් කාලගුණයෙන් විපතටපත් ගාලු ජනතාවට කඩිනම් සහන..! | Lanka Newsweek