අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

අයවැය තමන්ගේ හෙංචයියන් වෙනුවෙන් හදපු ලියවිල්ලක්

අයවැය තමන්ගේ හෙංචයියන් වෙනුවෙන් හදපු ලියවිල්ලක්

මේ රට ගොඩනගනවා වෙනුවට මේ රට තවදුරටත් අගාධයකට රැගෙනයන අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් මේ අයවැය අංක ගණිත ජිල්මාට් එකක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. අයවැය සම්බන්ධව විශේෂ…

මේ රට ගොඩනගනවා වෙනුවට මේ රට තවදුරටත් අගාධයකට රැගෙනයන අයවැයක් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් මේ අයවැය අංක ගණිත ජිල්මාට් එකක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

අයවැය සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ සිකුරාදා (12) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

"රටේ  ජනතාව අපේක්ෂා කළේ ප්‍රගතිශීලී අයවැයක්. නමුත් ලැබුනේ හිස් ප්‍රලාපයක්. ජනතාව බලාපොරොත්තු වුණේ ජනතාවාදී අයවැයක්. නමුත් ලැබුණේ ප්‍රතිගාමී පුස්සක්. මේ අයවැයේ කිසිම ව්‍යුහාත්මක බවක් නෑ. අයවැය හිගය අවම කරන සැලැස්මක් නෑ. ජීවන වියදම, උද්ධමනය නිමා කරන්න  වැඩපිළිවෙළක් නෑ. ජන ජීවිත ගොඩනගන වැඩපිළිවෙළක් නෑ. ගොවියා නගාසිටුවන ක්‍රමවේදයක්  නෑ. ආදායම් උත්පාදන ක්‍රමවේදයක් නෑ.කෙටියෙන් කීවොත් මේ අයවැය, සෝමාලියානු පන්නයේ අයවැයක්. මේක ජනතාව රවට්ටපු අයවැයක්.

තමන්ගේ හිතවතුන් සතුටු කරන අයවැයක් මිස, රට ගොඩනගන වැඩපිළිවෙළක් මේ ආණ්ඩුවට නෑ.කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන වැඩපිළිවෙළක් නැති හිස් ලියවිල්ලක්. ව්‍යසනයෙන් පීඩා විදින ජනතාවට අයවැයෙන් තවත් ප්‍රහාරයක් එල්ල වුණා. ඒ විතරක් නෙවේ,රාජ්‍ය සේවකයින්ට, පෞද්ගලික අංශ සේවකයින්ට කිසිම වැටුප් වර්ධක කිසිවක් නැති අයවැයක්. කොටින්ම කීවොත් ජනතාව අමතක කොට තමන්ගේ හෙංචයියන්ට උවමනා විදිහට හදපු ලියවිල්ලක්."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න