අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අයවැයෙන් ජනතා බලාපොරොත්තු සුන් වුණා

අයවැයෙන් ජනතා බලාපොරොත්තු සුන් වුණා

සහන නැති අයවැයක් ජනතාවට ඉදිරිපත් කළා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තුවේ දී ජනතාව හමුවේ තැබූ අයවැයේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කිසිවක් නොමැතිබව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු…

සහන නැති  අයවැයක් ජනතාවට ඉදිරිපත් කළා 

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මෙවර පාර්ලිමේන්තුවේ දී ජනතාව හමුවේ තැබූ අයවැයේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කිසිවක් නොමැතිබව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

එමෙන්ම තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවසීය.

භාණ්ඩ මිල ඉහළ යාමෙන්, ආදායම් අහිමි වීමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව මෙවර අයවැය පිළිබඳ දැඩි විශ්වාසයකින් සිටියා. ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල සුන් වුණා.අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීම, තරුණයන්ගේ විරැකියාවට පියවර ගැනීම, රටට ආයෝජන ගෙන්වීම  ඇතුළු කිසිදු වැඩපිළිවෙළක් මෙවර අයවැයේ  සඳහන් වෙලා නෑ . ඒ පිළිබඳව විපක්ෂය කනගාටු වෙනවා.

දැන්වීම

රාජ්‍ය ආදායම බිලියන 500 කින් අඩුවී ඇති බව මුදල් අමාත්‍යවරයා පැවසුවත් එම ආදායම අඩුවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ ආණ්ඩුවේම වැරදි තීරණයි.ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දීමෙන් රටට රුපියල් බිලියන පන්සියයක් අහිමි වුණා .

රට මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කළ කළත් එවැනි කිසිවක් මෙවර අයවැයේ තිබුණේ නෑ .ඒ වෙනුවට 2010 අයවැයේ ඉදිරිපත් කළ ඇතැම් කරුණු මෙවර අය වැයේදී සඳහන්ව තිබුණා.මුදල් අමාත්‍යවරයා  ඉදිරිපත් කළේ රටේ ගැටලු වලට විසදුම් නොමැති, ජනතාවට සහන නැති  අයවැයක්.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අයවැයෙන් ජනතා බලාපොරොත්තු සුන් වුණා | Lanka Newsweek