අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්ම ප්‍රතිසංස්කරණය කෙරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(ජයකාන්ත ලියනගේ) මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දැ දුරු ඔයේ සිට ඉගිණිමිටිය දක්වා ජලය ගෙනයන, යාපහුව ආසනයේ බලල්ල අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්මට දැඩි හානි සිදුව තිබේ. අධික වර්ෂාව…
(ජයකාන්ත ලියනගේ)
මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දැ දුරු ඔයේ සිට ඉගිණිමිටිය දක්වා ජලය ගෙනයන, යාපහුව ආසනයේ බලල්ල අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්මට දැඩි හානි සිදුව තිබේ. අධික වර්ෂාව හේතුවෙන් මෙම හානිය සිදුව තිබෙන බව වාරිමාර්ග හා ජල කලමනාකරන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතාද ප්‍රකාශ කළේය.
සිදු වී ඇති ආපදා තත්වය නිරීක්ෂණය කිරීම සදහා වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ (20) පස්වරුවේ වාරිමාර්ග නිලධාරීන්ද සමග එම ස්ථානයට පැමිණි අතර, කඩිනම් ව්‍යාපෘතියක් ලෙස සලකා එම ස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීමටද උපදෙස් ලබා දුනනේය. එහි ප‍්‍රතිසංස්කරණ කටයුතුද එම අවස්ථාවේදීම ආරම්භ කිරීමටද වාරි ඉංජිනේරුවන් පියවර ගත්තේය.
නිසි ප‍්‍රමිතියකින් යුතුව මෙම ඉදිකිරීම් සිදු කර නොමැති බවට අනාවරණය වී තිබෙන බවත් පසුගිය රජය සමයේ මෙහි ප‍්‍රතිසංස්කරණ සිදු කර ඇති බවත් වාරිමාර්ග, ජල කලමණාකරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ඉතා කෙටි කලකින් මෙම බැම්ම බිදී යාමට හේතුව බැම්මේ ඉදිකිරීම් නිසි ප‍්‍රමිතියකින් යුතුව සිදු නොකිරීම බවට වාරි ඉංජිනේරුවන් තමන්ට දැනුම්දුන්නේ යැයිද ඒ මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්මට වර්ෂාවෙන් හානි සිදුව තිබෙන අයුරු හා එහි ප්‍රතිසංස්කරණ ආරම්භ කරන ලද අයුරු මෙන්ම වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු වාරි ඉංජිනේරුවන් අඹගස්වැව වම් ඉවුරු ඇලේ හරස් බැම්ම නිරීක්ෂණය කරන ලද අයුරු ඉහත ඡායාරූප වල දැක්වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
