අමෙරිකානු තානාපතිනියගෙන් සුභ පැතුම්

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුභ පැතුම් එක් කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය ප්‍රකාශ කර තිබෙන අතර මෙරට හත්වන විධායක…
ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුභ පැතුම් එක් කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය ප්‍රකාශ කර තිබෙන අතර මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුභ පැතුම්ද එක්කර තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මෙලෙස සුභ පැතුම් එක්කර තිබූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව ඉද්රියේදී වැඩ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව තානාපතිවරිය මෙහිදී සඳහන් කර තිබෙන අතර ශක්තිමත් සහ ස්වෛරී ශ්‍රී ලංකාවක් වෙනුවෙන් සහය දීම වෙනුවෙන් යහපාලනය, ආර්ථික වර්ධනය, මානව හිමිකම් සහ සංහිඳියාව දියුණු කිරීම යන කැරුණු හා අංශ සම්බන්ධයෙන්ද එක්ව කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇත.