අමෙරිකානු තානාපතිනය කථානායක හමුවෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද උදෑසන කථානායකවරයා හමුවී තිබේ. අමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ, පවතින දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීම…
ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපති ඇලෙයිනා බී. ටිප්ලිට්ස් මහත්මිය අද උදෑසන කථානායකවරයා හමුවී තිබේ.
අමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ, පවතින දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කිරීමට තානාපතිනිය කථානායකවරයා හමුවූ බවයි.
ඡන්දයෙන් තේරීපත් වූ නියෝජිතයින්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ඉඩ සලසමින් ලංකාවේ ප්රජාතන්ත්රවාදී ආයතනවලට ජනතාවට සේවය කිරීමට ඉඩ දිය යුතු බව තානාපතිනි කාර්යාලයේ ට්විටර් පණිවිඩයේ සඳහන් ය.
(සිරස News 01 ST)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1