අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අමානුෂික ලෙස පහර දුන් සැමියා සොයා පොලිස් පරීක්ෂණ

අමානුෂික ලෙස පහර දුන් සැමියා සොයා පොලිස් පරීක්ෂණ

තම බිරිඳ නිරුවත් කර ඇයගේ දෑත් හා දෙපා ගැටගසා කොච්චි මිරිස් තළා ඇයගේ ශරීරයට ඇතුළු කළේ යැයි චෝදනා එල්ල වූ සැමියකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.පාදුක්ක පොලිසිය සඳහන් කරන්නේ පාදුක්ක…

තම බිරිඳ නිරුවත් කර ඇයගේ දෑත් හා දෙපා ගැටගසා කොච්චි මිරිස් තළා ඇයගේ ශරීරයට ඇතුළු කළේ යැයි චෝදනා එල්ල වූ සැමියකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.පාදුක්ක පොලිසිය සඳහන් කරන්නේ පාදුක්ක අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිව් දරු මවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ක්‍රියාත්මක බවය.

සැමියා බීමත්ව පැමිණ තම දෑත් දෙපා ගැටගසා කූඩැල්ලන් පණුවන් රැගෙන විත් තම ශරීරයට ඇතුළු කරන බවත් එයින් තමන් දැඩි වේදනාවක් විඳින බවත් ඇය සඳහන් කර තිබේ.

එලෙස කිරීමට අවස්ථාව නොදුන් විට අමානුෂික ලෙස පහර දෙන බවත් කාන්තාව විසින් සිදු කළ පැමිණිල්ලේ සඳහන්ය.මෙම අමානුෂික වදහිංසා තම එකොලොස් හැවිරිදි දියණිය ඉදිරිපිට සිදු කිරීම නිසා දියණියද දැඩි අපහසුතාවයට පත්ව පත්වන බවත් ඇය පවසය.

කාන්තාව ප්‍රතිකාර සඳහා පාදුක්ක රෝහලට ඇතුළත් කර කර ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු මවුපියන් වෙත පිටත් කර යවා තිබේසැකකාර සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න