අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අමාත්‍ය විජිත හේරත්ට විදේශ ආධාර ලබා ගන්න හැකියාවක් නැහැ - උදය ගම්මන්පිල

අමාත්‍ය විජිත හේරත්ට විදේශ ආධාර ලබා ගන්න හැකියාවක් නැහැ - උදය ගම්මන්පිල

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරටට සිදුවූ හානියෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය මුදල්වලින් මේ වනවිට ලැබී ඇත්තේ 1%ටත් අඩු ප්‍රමාණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. සුනාමි ව්‍යසනයේදී එයින්…

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරටට සිදුවූ හානියෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය මුදල්වලින් මේ වනවිට ලැබී ඇත්තේ 1%ටත් අඩු ප්‍රමාණයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

සුනාමි ව්‍යසනයේදී එයින් ගොඩ ඒමට අප රටට ඩොලර් බිලියන 1.5ක් අවශ්‍ය වූ බවත් එයින් 87% ක පමණ ප්‍රතිශතයක් වන ඩොලර් බිලියන 1.3ක්ම විදේශ ආධාර ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු බවත් මෙහිදී හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබීය. එම නිසා ඉතා ඉක්මනින් ආර්ථිකය යතා තත්වයට පත් කිරීමට හැකි වී අවසානයේ යුධ ජයග්‍රහණය සඳහා විශාල මුදලක් වැය කිරීමට පවා ආර්ථිකය ඔරොත්තු දුන් බවත් ප්‍රකාශ කළේය.

මේ මොහොතේ ව්‍යසනයෙන් ගොඩ ඒමටනම් අප රටට ඩොලර් මිලියන 6500ක් පමණ අවශ්‍ය වුවත් මේ වෙන තෙක් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 11ක් පමණ බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා එය අවශ්‍යතාවයෙන් 1%කටත් අඩු ප්‍රතිශතයක් බවද ප්‍රකාශ කරණු ලැබීය.

එයට හේතුව ආණ්ඩුවේ විදේශ කටයුතු වල දුර්වලතාවය බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා සුනාමි අවස්ථාවේදී රටේ විදේශ අමාත්‍යවරයා ලක්ෂ්මන් කදිරගාමර් බවත් වර්තමාන විදේශ අමාත්‍යවරයා විජිත හේරත් බවත් පෙන්වා දෙනු ලැබීය. එයින් සිදු වී ඇති වෙනසට හේතුව හොඳින් පැහැදිලි වන බවද ප්‍රකාශ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න