අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග ලබාදීමට ජනපතිට ව්‍යවස්ථානුකුල අයිතියක් නැහැ..!

අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග ලබාදීමට ජනපතිට ව්‍යවස්ථානුකුල අයිතියක් නැහැ..!

ව්‍යවස්ථාව උල්ලංඝණය කළොත් රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදියි..! (සරත් ඒකනායක) අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග, විධාන සහ උපදෙස් ලබා දීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ කිසිදු…

ව්‍යවස්ථාව උල්ලංඝණය කළොත් රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදියි..!

අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග ලබාදීමට ජනපතිට ව්‍යවස්ථානුකුල අයිතියක් නැහැ..!

(සරත් ඒකනායක)

අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග, විධාන සහ උපදෙස් ලබා දීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපතිවරයා වෙත කිසිදු බලයක් පවරා නොමැති බව එක්සත් ජාතික පෙරමුණ අවධාරණය කර සිටියි.

එහෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියග සහ උපදෙස් ලබා දෙමින් ඒ අයට  බලපෑම් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් යැයි එක්සත් ජාතික පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීමතාණන් විසින් සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත නියෝග හා විධාන ලබා දුන් බව සඳහන් කෙරුණු 2018.12.04 දිනැති මාධ්‍ය නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිල වශයෙන් නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග, විධාන හා උපදෙස් ලබා දීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපතිතුමන් වෙත කිසිදු බලයක් පවරා නොමැත. එහෙයින් ජනාධිපතිතුමා, මේ අයුරින් අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලපෑම් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 (2) වගන්තියට අනුව අමාත්‍යාංශ ලේකම්වරයා ඔහුගේ අමාත්‍යවරයා භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තුද, වෙනත් ආයතනද මෙහෙයවිය යුත්තේ සිය අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්වය.

ව්‍යවස්ථාවේ 42 (1) වගන්තියට අනුව ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර ඇමති මණ්ඩලයක් සිටිය යුතුය. නමුත් පසුගිය නොවැම්බර 14 වන දින සහ ඊට පසුව  පාර්ලිමේන්තුවේ සම්මත කරගත් විශ්වාසභංග යෝජනා හා 2018 දෙසැම්බර් 03 වනදා ගරු අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගය අනුව වර්තමානයේ අමාත්‍ය මණ්ඩලයක් ක්‍රියාත්මක වන්නේ නැත.

එසේ හෙයින් අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග හා විධාන දිය හැකි අධිකාරියක් දැනට ක්‍රියාත්මක නොවේ. ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකුලව නියෝග හා විධාන ලබා දිය හැක්කේ තමන් යටතේ ඇති අමාත්‍යාංශයන්හි ලේකම්වරුනට පමණි. එසේ වී තිබියදී ජනාධිපතිතුමා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග හා විධාන නිකුත් කිරීම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවකි.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සම්මත වූ වැය ශීර්ෂයන් කපා හැරීමේ යෝජනා සැලකිල්ලට ගනිමින්, ආයතන හා මුල්‍ය සංග්‍රහයට අනුව ක්‍රියා කිරීමට සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් බැඳී සිටින බව මෙහිලා අවධාරණය කරමු. එසේ නොමැතිව ව්‍යවස්ථා විරෝධී නියෝග හා විධාන පිළිපැදීමෙන් සිදුවනුයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි. එය අතිශය බරපතල වරදකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අමාත්‍යංශ ලේකම්වරුන්ට නියෝග ලබාදීමට ජනපතිට ව්‍යවස්ථානුකුල අයිතියක් නැහැ..! | Lanka Newsweek