අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි..!

අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි..!

මෙරට ප්‍රථම සංගීත මහාචාර්ය, ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය ඊයේ (15) රාත්‍රියේ අභාවප්‍රාප්තවී තිබේ. හෘදයාබාධයකින් මිය ගිය ඇය මිය යන විට 79 වැනි වියේ පසු විය. දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි…

මෙරට ප්‍රථම සංගීත මහාචාර්ය, ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය ඊයේ (15) රාත්‍රියේ  අභාවප්‍රාප්තවී තිබේ.

හෘදයාබාධයකින් මිය ගිය ඇය මිය යන  විට 79 වැනි වියේ පසු විය.

දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (15) රාත්‍රියේ ඇය මිය ගිය බව පවුලේ ජාතීන් පවසයි.

ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ ආදරණීය බිරිඳ වූයේ මහාචාර්ය අමරා රණතුංග මහත්මියයි.

අභාවප්‍රාප්ත මහාචාර්යවරියගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතවේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි..! | Lanka Newsweek