අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අභි­යෝ­ග­ව­ලට මුහුණ දිය හැකි අයුරින් අධ්‍යා­ප­නය නවී­ක­ර­ණය විය යුතුයි

අභි­යෝ­ග­ව­ලට මුහුණ දිය හැකි අයුරින් අධ්‍යා­ප­නය නවී­ක­ර­ණය විය යුතුයි

ලෝක­යක් මුහු­ණ­ දෙන අභි­යෝ­ග­ව­ලට විස­ඳුම් ලබා­දීම සඳහා පුර­වැ­සි­යන් නිර්මා­ණය කළ­ හැකි ආකා­ර­යට රටේ අධ්‍යා­පන ක්‍රමය නවී­ක­ර­ණය කළ­ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තුවේ දී…

ලෝක­යක් මුහු­ණ­ දෙන අභි­යෝ­ග­ව­ලට විස­ඳුම් ලබා­දීම සඳහා පුර­වැ­සි­යන් නිර්මා­ණය කළ­ හැකි ආකා­ර­යට රටේ අධ්‍යා­පන ක්‍රමය නවී­ක­ර­ණය කළ­ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පාර්ලි­මේ­න්තුවේ දී අවධාරණය කළේය.

යෝජිත අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ පිළි­බඳ කල් තැබීමේ විවා­ද­යට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව අවධාරණය කළ අතර එහිදී ඒ මහතා මෙසේ ද සඳ­හන් කළේය.

"රටේ අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ සම්බ­න්ධ­යෙන් විශේෂ අව­ධා­න­යක් යොමු කළ ­යුතු වෙනවා. මේ සඳහා සංකල්ප පත්‍රි­කා­වක් අවශ්‍ය වෙනවා. අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ ශක්ති­මත්ව සහ කාර්ය­ක්ෂ­මව සිදු කිරීම ඉතා වැදගත් වනවා. සමගි ජන බල­වේ­ගයේ අපි අපේ සංකල්ප පත්‍රි­කාව මේ වන විට සකස් කොට තිබෙ­නවා. අපි මැති­ව­ර­ණයේ දී එම පත්‍රිකාව ඉදි­රි­පත් කර තිබෙ­නවා. 

දැන්වීම

මේ සඳහා අද­හස් හුව­මාරු කර­ ගත යුතු වෙනවා. ප්‍රග­ති­ශීලි අධ්‍යා­පන ක්‍රම­ය­කට අපි මුල­පි­රිය යුතුයි. අධ්‍යා­පන ප්‍රති­සං­ස්ක­රණ යුගයේ අව­ශ්‍ය­තා­වක්. එම ප්‍රතිසංස්කරණ ඉල­ක්ක­ග­තව අව­බෝ­ධ­ය­කින් ක්‍රියා­ත්මක විය­ යු­තුයි. කාල­ ව­ක­වානු සහි­තව අපි මේ ප්‍රති­සං­ස්ක­රණ ක්‍රියා­ත්මක කළ­ යුතු වෙනවා. ඕනෑම ක්‍රියා­ව­ලි­යක් අක්‍ර­ම­වත්ව ආරම්භ වුණොත් අව­සා­නය සාර්ථක වන්නේ නැහැ. අපේ රටේ තිබෙන්නේ පැරැණි ක්‍රම අනු­ග­ම­නය කරන, කල් ඉකුත්වූ අධ්‍යා­පන ක්‍රම­යක්.

මේ ඔස්සේ අපේ රටේ සිසුන්ට කරන්නේ බල­වත් අසා­ධා­ර­ණ­යක්. අධ්‍යා­ප­නය, මානව අයි­ති­යක් ලෙස අපි අපේ ප්‍රති­ප­ත්තිය ඉදි­රි­පත් කර­නවා. සුබ­සා­ධන ආර්ථි­කයේ තිබෙන වැද­ගත්ම අංශ අපි දන්නවා. ඒ අනුව වර්ත­මාන අධ්‍යා­පන ක්‍රමයේ පැහැ­දිලි වෙන­සක් සිදු­ විය යුතුයි."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අභි­යෝ­ග­ව­ලට මුහුණ දිය හැකි අයුරින් අධ්‍යා­ප­නය නවී­ක­ර­ණය විය යුතුයි | Lanka Newsweek