අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!

අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!

(ඉන්දික ප්‍රියන්ත) පසුගියදා සිදු වූ ප්‍රවීණ නිළි ශ්‍රී දේවිගේ හදිසි මරණය ලොව වටා ඉන්දියානු සිනමා රසිකයන් කම්පනයට පත්කළ සිදුවීමක් වුණා. ශ්‍රී දේවි ලෙසින් අකාලයේ මරු වැළඳගත් ඉන්දීය සිනමා තරු කිහිපයකගේ…

(ඉන්දික ප්‍රියන්ත)

පසුගියදා සිදු වූ ප්‍රවීණ නිළි ශ්‍රී දේවිගේ හදිසි මරණය ලොව වටා ඉන්දියානු සිනමා රසිකයන් කම්පනයට පත්කළ සිදුවීමක් වුණා. ශ්‍රී දේවි ලෙසින් අකාලයේ මරු වැළඳගත් ඉන්දීය සිනමා තරු කිහිපයකගේ තොරතුරුද ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුට යළි මතකයට නැගුණා. මේ ශ්‍රී දේවි මෙන්ම අඩු වයසින් මෙලොවින් සමුගත් ඉන්දීය තරු කිහිපයක් ගැන තොරතුරුයි.

අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!

දිව්‍යා භාරති

දැන්වීම

stackpathdns.com

අනූව දශකයේ ඉන්දියානු සිනමාවේ සිටි දක්ෂතම නිළියක වූ දිව්‍යා භාරති මියගොස් එළඹෙන අප්‍රේල් පස් වැනිදාට වසර 25ක් සපිරෙනවා. ඉතාම ඉක්මනින් දකුණු ඉන්දියාවේ මෙන්ම උතුරු ඉන්දියාවේද ජනාදරය දිනාගත් දිවයා අභිරහස් ලෙස මරණයට පත්වන විට පසු වුණේ 19 වැනි වියේ වීම විශේෂත්වයයි. වයස අවුරුදු 14 සිට රංගනයට පැමිණි ඇය රඟපෑ සිනමාපට අතරින් වඩාත්ම ජනප්‍රිය වුණේ ‘දීවානා’ චිත්‍රපටයයි. ඒ වෙනුවෙන් වසරේ දක්ෂතම නවක නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානයටද හිමිකම් කී දිව්‍යා බොලිවුඩ් සිනමාවේ නොබිඳෙන වාර්තාවකට හිමිකම් කියන්නේ වසරක් තුළ සිනමාපට 14ක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම හේතුවෙනුයි.

ඒ වන විට  සාර්ථක සිනමාපට නිෂ්පාදකයකු වූ සජිඩ් නදියවාලා සමග විවාහ වී සිටි දිව්‍යා හදිසියේ මරණයට පත්වුණේ ඇය සිටි මහල් නිවාසයේ පස්වැනි මහලේ බැල්කනියෙන් ඇද වැටීම හේතුවෙනුයි. ඒ සම්බන්ධයෙන් ඇගේ ස්වාමියා වෙත සැකය යොමු වූ නමුත් එය තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් හමුවුණේ  නැහැ. අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!

ප්‍රට්යුෂා බැනර්ජි

indianexpress.com

ජනප්‍රිය රුපවාහිනී නිළියක වූ බැනර්ජි ගේ මල සිරුර ඇගේ ඥාතින්ට හමුව තිබුණේ ඇගේ කාමරයේ එල්ලෙමින් තිබියදීයි. ‘Balika Vadhu’ නම් ජනප්‍රිය මාලා නාටකයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ඇය සියදිවි නසා ගැනීමට හේතුව ඇගේ පෙම්වතා වූ රාහුල් රාජ් සමග වූ සිත් අමනාපයක් බව පැවසෙනවා. ජනප්‍රිය big boss රියැලිටි වැඩසටහනේද ජනප්‍රිය චරිතයක් වූ ඇය කලක් මානසික පීඩනයෙන් පෙළුණු බවද පැවසුනා.

අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!

ආර්ති අගර්වාල්

www.deccanchronicle.com

ජනප්‍රිය නිළි අදිති අගර්වාල් ගේ වැඩිමහලු සොයුරිය වූ ආර්ති  වඩාත් ජනප්‍රිය වුණේ තෙළිඟු සිනමා නිළියක ලෙසටයි. වයස අවුරුදු 16දි  සුපිරි නළු සුනිල් ශෙට්ටි ගේ ආරාධනයෙන් සිනමාවට පැමිණි ඇය මුලින්ම රඟපෑවේ ‘පාගල්පන්’ සිනමාපටයේ යි. ඉන්පසු තෙළිඟු සිනමාවට එළඹුණු ඇය තෙළිඟු සිනමාවේ සුපිරිම නළුවන් සමග රංගනයට වරම් ලැබුවේ තෙළිඟු සිනමාව තුළ අතිශයින්ම ජනප්‍රිය වෙමිනුයි.

ඇමරිකාවේ ඉපදී ඇමරිකාවේම වැඩි කලක් ජීවත්වූ ආර්ති මිය ගියේ 31 වැනි වියේදියි. ඇගේ මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් ලෙස පැවසුණු අතර ඊට දින කිහිපයකට පෙර ඇය මුහුණ දුන් ප්ලාස්ටික් සැත්කමක අතුරු ඵලයක් ලෙස එය සිදු වූ බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා. ආර්ති එසේ 2015 වසරේ මිය යාමට වසර 10 කට පෙර සියදිවි නසා ගැනීමට උත්සාහ කර එය අසාර්ථක වීම හේතුවෙන් රෝහල් ගත කර දිවි බේරා ගෙන ඇති බවත් සත්‍යයක්.

අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!

ජියා ඛාන්

encrypted-tbn0.gstatic.com

2013 වසරේදී සියදිවි නසාගත් ජියා  ඛාන් බොලිවුඩයේ සිටි දීප්තිමත් අනාගතයක් තිබු නිළියක්. මිය යන විට 25 හැවිරිදි වියේ පසු වූ ඇය නිව්යෝර්ක් හි උපත ලබා රංගනයට ඇති කැමැත්ත නිසාම මුම්බාය වෙත පැමිණි තරුණියක්. රාම් ගොපාල් වර්මා ගේ ‘නිෂ්ශබ්ද්’ සිනමාපටයෙන් සිනමාවට පිවිසුණු ඇය වඩාත් ජනප්‍රිය වුණේ ‘ගජිනි’ සහ ‘හවුස් ෆුල්’ සිනමාපට වල රඟපෑ චරිත හේතුවෙනුයි.

ජියා සිය පවුලට අයත් ජුහු හි පිහිටි මහල් නිවාසයකදී ගෙල වැළලාගෙන සිය දිවි නසාගෙන තිබූ අතර ඊට හේතුව ඇගේ පෙම්වතා වූ සරෝජ් පංචාලි සමඟ වූ ආරවුලක් බව පැවසුනා. කෙසේ වෙතත් පසුව ජියාගේ මරණයට සරෝජ් සැක බව පොලිසියට පැමිණිලි කළ අතර ඒ හේතුවෙන් මේ වන තුරුත් අදාළ මරණය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දීමට හැකිව නැහැ.

අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!

නිර්මාල් පාන්ඩේ

img.biscoot.com

ඔබ සුප්‍රකට Bandit Queen සිනමාපටය නරඹා ඇත්නම් නිර්මාල් පාන්ඩේ ගැන අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැහැ. Train To Pakistan සහGodmother යන සිනමාපට වලදිත් විශිෂ්ට රඟපෑමක් ඉදිරිපත් කළ ඔහු වඩාත් ප්‍රකටව සිටියේ දුෂ්ට නළුවකු ලෙසටයි.

ඉන්දියානු ජාතික රංගන පාසලේ උපාධිධාරියකු වූ පාන්ඩේ රංගන ගුරුවරයකු සහ ගායකයකු ලෙසද නමක් දිනා සිටි අතර සුප්‍රකට ප්‍රංශ වැලන්සිනස් සිනමා උලෙළේ හොඳම රංගනය වෙනුවෙන් සම්මානයටද පාත්‍ර වී තිබෙනවා. ඒ Daayra නම් සිනමාපටය වෙනුවෙන්. පාන්ඩේ 47 වැනි වියේදී හදිසියේම මිය ගියේ  හෘදයාබාධයක් හේතුවෙනුයි.

අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!

අදේශ්  ශ්‍රීවස්තව

indianexpress.com

දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයකු මෙන්ම ගායකයකු ද වූ අදේශ් 2015 වසරේදී මිය ගියේ පිළිකාවක් හේතුවෙනුයි. බොලිවුඩ් සිනමාපට 100 කට වඩා සංගීත නිර්මාණයෙන් දායක වී ඇති ඔහු  සුප්‍රකට සංගීත අධ්‍යක්ෂකවරුන් වන ජටින්-ලලිත් දෙදෙනාගේ සමීප ඥාතියකු වීමත් විශේෂත්වයක්. ඔහු ‘චල්තේ චල්තේ’,’බාබුල්’,’ කබි කුෂි කබි ගම්’ ආදී සිනමාපට වලට සංගීතයෙන් දායක වී තිබෙනවා.

අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!

සෞන්දර්යා

jfwonline.com

සුරූපී දකුණු ඉන්දියානු නිළි සෞන්දර්යා වඩාත්ම ජනප්‍රිය වුණේ ‘Sooryavansham’ සිනමාපටයේ අමිතාබ් ගේ බිරිඳගේ චරිතය නිරූපණය කරමින්. දක්ෂතම නිළිය ලෙස දකුණු ඉන්දියානු සහ කණ්ණඩ සම්මාන දහයකට වැඩි ගණනක් දිනාගත් ඇය නිෂ්පාදිකාවක් ලෙසටද කටයුතු කර තිබෙනවා. විවිධ භාෂා වලින් නිර්මාණය කෙරුණු සිනමාපට පනහකට වැඩි ගණනක ප්‍රධාන චරිත නිරූපණය කර ඇති සෞන්දර්යා වැනි වියේදී හදිසියේම මරු වැළඳ ගත්තේ ගුවන් අනතුරක් හේතුවෙනුයි. ඒ භාරතීය ජනතා පක්ෂය වෙනුවෙන් අන්ද්‍රා ප්‍රදේශ් වල පැවැත්වුණු රැස්වීමකට සහභාගී වීමට යන අතරතුරේදියි.

අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..!

ඉන්දර් කුමාර්

www.indiatimes.com

Wanted, Tumko Na Bhool Paayenge, Kahin Pyaar Na Ho Jaayeසහ  Khiladiyon Ka Khiladi යන සිනමාපට වල රඟපෑ ජනප්‍රිය නළු ඉන්දර් කුමාර් හදිසියේ මරණයට පත්වුණේ පසුගිය වසරේදීයි. කලක් ජනප්‍රිය තලයේ ඉහළින්ම සිටි ඔහු පසුව දැඩි ආර්ථික සහ මානසික බිඳවැටීමකට ලක්ව සිටි බව පැවසෙනවා.සුරූපී නිළි ඊෂා කොපිකාර් සමග වසර 11 කා පෙම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය නමුදු ඔහු විවාහකයකු බවත් ප්‍රකට කරුණක්. සිය පවුලෙන් වෙන්ව සිටි ඉන්දර් හදිසියේ මිය ගියේ   හෘදයාබාධයක් හේතුවෙනුයි.

Roar Media

  COVER- scroll.in/ මූලාශ්‍ර https://www.filmfare.com https://www.indiatimes.com/ https://www.quora.com http://www.findhealthtips.com https://topyaps.com/
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
අබි රහස් ලෙස සහ අකාලයේ මිය ගිය ඉන්දීය සිනමා තරු..! | Lanka Newsweek