අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් තහවුරු කරනවා

අබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් තහවුරු කරනවා

ශ්‍රී ලංකාවේ දැනට වාසය කරන අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන් රාජ්‍ය සහ පෞද්ගලික රැකියාවලට අනුයුක්ත කර ගැනීමේ නීති පද්ධතියක් මෙම වසර අවසන් වීමට පෙර සම්පාදනය කරන බව ප්‍රථමික කර්මාන්ත…

ශ්‍රී ලංකාවේ දැනට වාසය කරන අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන් රාජ්‍ය සහ පෞද්ගලික රැකියාවලට අනුයුක්ත කර ගැනීමේ නීති පද්ධතියක් මෙම වසර අවසන් වීමට පෙර සම්පාදනය කරන බව ප්‍රථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා පැවසිය.

අමාත්‍ය දයා ගමගේ මහතා මේ අදහස් ප්‍රකාශ කලේ අඟහරුවාදා (15) යෙදුනු සුදු සැරයටි දිනය නිමිත්තෙන් එම අමාත්‍යංශයේදී පවතී උත්සවයකදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා ...

දැන්වීම

සුදු සැරයටි දිනය ඇස් පෙනෙන මිනිසුන් ඇස් නොපෙනෙන මිනිසුන්ට උපහාරයක් ලෙස සමරනවා. බොහෝ විට ඇස් නොපෙනෙන මිනිසුන් ඇස් පෙනෙන මිනිසුන්ටත් වඩා හොදින්, බුද්ධිමත්ව වැඩ කරන අතර ඔවුන්ගේ ගති පැවතුම් පවා බොහෝ විට ඉතා හොද ඉහල තත්වයක තිබෙනවා.

නොයෙකුත් අබාධ සහිත පුද්ගලයින් ලක්ෂ 14ක් 15ක් අපේ රටේ සිටන බවට අනුමාන කරනවා.ඒත් ඔවුන් සම්බන්ධයෙන් නියමානුකූල දත්ත පද්ධතියක් තවමත් අපට නැහැ. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් සුරක්‍ෂිත කෙරෙන නීති පද්ධතියක් මා තව මාස දෙකක් යන්නට පෙර අනුමත කර නීතිගත කරනවා. රජයේ සේවයට හෝ පෞද්ගලික අංශයට සේවකයන් බඳවා ගැනීමේදී ඒ සේවකයන්ගෙන් සියයට 3 ක් හෝ සියයට 2 ක් වන ලෙස ආබාධ සහිත පුද්ගලයන් බඳවා ගැනීමට අදාළ නීති අපි එහිදී සම්පාදනය කරනවා. විශේෂයෙන් අපි දෘශ්‍යාබාධිත පුද්ගලයකු ගතහොත් ඔහුගේ කාර්යයන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා කඩිසරයි, ඉක්මන්. ඒ වගේම දෘශ්‍යාබාධිත පුද්ගලයන්ටත් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ඇතැම් කටයුතු කාර්යක්‍ෂමව කිරීමේ හැකියාවක් තිබෙනවා. රජයක් ලෙස ඔවුන්ට තමන්ගේ කාර්යයන් සඳහා අවස්ථාව ලබා දෙන්නෙ කෙසේද යන්න අපි විමසා බැලිය යුතු වෙනවා.

ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් අශෝක අලවත්ත, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නිලධාරින් මහාචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර, දෘෂ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය, ශ්‍රි ලංකා අන්ධජන සේවා මණ්ඩලය, ශ්‍රි ලංකා දෘෂ්‍යාබාධිත ජාතික සම්මේලනය, සිදුව වෘත්තිය පුහුණු ආයතනය යන ආයතන නියොජනය කරමින් දෘශ්‍යාබාධිත පුද්ගලයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් තහවුරු කරනවා | Lanka Newsweek