අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අපේ ඉලක්කයට බෙදිලා යන්න බෑ

අපේ ඉලක්කයට බෙදිලා යන්න බෑ

-මනුෂ නානායක්කාර කියයි- මීට දෙවසරකට පෙර රට මුහුණ දුන් අභියෝගය භාර ගැනීමට සියලු දෙනා පසුබට වන විටදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොබියව එම අභියෝගයට මුහණ දුන් බවත් තමා ඇතුළු පිරිසක්…

           -මනුෂ නානායක්කාර කියයි-


මීට දෙවසරකට පෙර රට මුහුණ දුන් අභියෝගය භාර ගැනීමට සියලු දෙනා පසුබට වන විටදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක්  නොබියව එම අභියෝගයට මුහණ දුන් බවත් තමා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට සහය දීමට පෙරට පැමිණියේ මෙරට ජනතාව වෙනුවෙන් බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ බ්‍රහස්පතින්දා (01) සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා ජංගම සේවාව වැඩසටහනට සමගාමීව පැවති ශ්‍රම වාසනා අරමුදල මගින් සංවිධානය කළ පාසැල් උපකරණ බෙදාදීමේ උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එම අවස්ථාවට සහභාගීවූ අමාත්‍යවරයා පාසැල් දූ දරුවන් සමග පැයකට ආසන්න කාලයක් ගත කිරීම එහි පැමිණ සිටී සියලු දෙනාටම විශේෂ අත්දැකිමක් විය.

ඉන්ධන, ගෑස්, ඖෂධ, කිරිපිටි නොමැතිව ජාතියම පෝළිම්වල පසුවූ යුගය නිමාකරන්නට වත්මන් රජයට හැකිවු   බවත්, එහි ගෞරවය මෙරට ශ්‍රම බලකායට ලබාදීමට තමා දෙවරක් නොසිතන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. 

දැන්වීම

වැඩි දුරටත් කරුණු දැක්වූ මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මෙසේද පැවසීය; 

''අපිට ඕනි මේ රට මේ විදියටම ඉස්සරහට ගෙනිහින් මිනිස්සු ටික දිනවන්න. මේ අම්මල තාත්තලට කියන්නේ මේ දරුවෝ ටික හොඳින් බලාගන්න . ඔබට වඩා හොඳ කාලයක් දරුවන්ට උදාකර දෙන්න අපි කටයුතු කරනවා. ඉදිරියේ දී මේ රටේ ලොකු පෙරළියක් කරන්න අපි සලසුම් කරලා තියනවා. මේ වන විටත් ඒ වැඩ ටික සිද්ද වෙනවා. එදාට වඩා හොඳ වෙනසක් රටේ වෙන බව ඔබටත් පේනවා ඇති.

අපිට ඉලක්කයක් තියනවා. එතනට නිකං යන්න බෑ. අපි  රටක් හැටියට එක්විය යුතුයි. අපිට පක්ෂ, පාට අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය මේ රටේ ඉන්න මිනිස්සු දිනවන්නයි. 

ශ්‍රම වාසනා අරමුදල තියෙන්නෙ ශ්‍රමිකයන්ගේ දරුවන්ටයි. මේ අර මුදලින් වෙනදාට ඡන්ද ගන්න ටකරන් තහඩු, වැසිකිළි කටවල් බෙදලා තියනවා. එහෙම ඉතිහසයක් අපි වෙනස් කරලා තියනවා. ඒ කියන්නේ අපි සිස්ටම් එක චේන්ජ් කරන්න පටන් අරන් තියනවා.  

අද මේ අරමුදල් වෙන්වන්නේ ශ්‍රමික ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. තරුණ තරුණියන්ට අපි වෘත්තීය පුහුණුවක් ලබාදෙනවා.  ජනාධිපතිතුමා ඒ වැඩ ටික සේරම කරන්නේ මේ දරුවෝ ටික ගොඩනගන්න අවශ්‍ය නිසයි. මේ ගමන අපි ඉස්සරහට එකට අත්වැල් බැඳගෙන යමු කියලා මේ අම්මල තාත්තලාට මම ආරාධනා කරනවා''.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
අපේ ඉලක්කයට බෙදිලා යන්න බෑ | Lanka Newsweek