අපේක්ෂකකම ගන්න හැටි මෛත්‍රී මහින්දගෙන් අහගන්න..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

චන්ද්‍රිකා වට්ටන්න මහින්ද ගහපු ගේම..! මෛත්‍රී කඩේ ගිහින් තියෙන්නේ කාටද..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ මහින්ද දැක්ක හීනය ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා වීමය. චන්ද්‍රිකාට 1999…
චන්ද්‍රිකා වට්ටන්න මහින්ද ගහපු ගේම..!
මෛත්‍රී කඩේ ගිහින් තියෙන්නේ කාටද..!
(උපුල් ජෝශප් ප්‍රනාන්දු)
චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ මහින්ද දැක්ක හීනය ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්ෂකයා වීමය. චන්ද්‍රිකාට 1999 ජනාධිපතිවරණයට පසු යළිත් ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි බව ඔහු දැන සිටියේය. බණඩාරනායකවරුන්ගෙන් ශ්‍රීලනිප නායකත්වය උදුරා ගන්න හොදම අවස්ථාව චන්ද්‍රිකා සිය දෙවැනි නිල කාලය සම්පූර්ණ කරන විට එළඹෙන ජනාධිපතිවරණය බව ඔහු තේරුම් ගෙන තිබිණි.ඔහුගේ හීනය වුයේ ජනාධිපති වීමටත් වඩා ශ්‍රීලනිප නායකත්වය ලබා ගැනීමය.
2002 -2004 අතර රනිල්ගේ ආණ්ඩු කාලයේ ඔහු ඔහුට හිතවත් මාධ්‍යවේදියෙක් සමග පවසා තිබුණේ කෙසේ හෝ ජනාධිපති අපේක්ෂකකම ගත යුතු බවය. දිනන්න පුළුවන්දැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කරද්දී මහින්ද දුන්නේ අපූරු උත්තරයකි. “මේ ශ්‍රීලනිප නායකත්වය ගන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. මාව අපේක්ෂකයා කළාම බණ්ඩාරනායකලා අතහැරලා පාක්ෂිකයෝ මං වටා එක් වෙයි” .. ඔහු කිවේ එහෙමය.
ජනාධිපති අපේක්‍ෂකත්වය හරහා ශ්‍රීලනිප නායකත්වය ගන්න ඔහු උපායන් දෙකක් අනුගමනය කළේය. පළමු උපාය නම් ව්‍යවස්ථාව වෙනස් කොට චන්ද්‍රිකාට ජනාධිපති ධූරය වෙනුවට අගමැති ධූරයට තරඟ කළ නොහැකි සේ නව ව්‍යවස්ථාව සම්මත කිරීම බකල් කිරීමය. දෙවැන්න චන්ද්‍රිකාවත් ශ්‍රීලනිපයත් දුර්වල කොට රනිල්වත් එජාපයත් ශක්තිමත් කිරීමයි. ශ්‍රීලනිපයට තමාව ඕනෑ වන්නේ චන්ද්‍රිකාත් ශ්‍රීලනිපයත් දුර්වල වන තරමට බව ඔහු දැන සිටියේය.
මේ උපායන් දෙකම සාර්ථක කර ගන්න ඔහුට රනිල්ගේ සහ යුඇන්පීයේ සහය අවශ්‍ය විය. මේ සඳහා ඔහු හොරෙන් හොරෙන් රනිල්ගේ මාමා කෙනෙකු වූ හිටපු පාර්ලිමේන්තු මහා ලේකම් සෑම් විජේසිංහගේ නිවසේ රනිල්ව හමු විය. වරක් සෑම් විජේසිංහ මාධ්‍යට සම්මුක සාකච්ඡාවක් දෙමින් කිවේ මෙසේය.
“ ඔය පුටු දෙකේ තමයි දෙන්න වාඩි වෙලා ඉන්නේ, මහින්ද චන්ද්‍රිකාවත්, ආණ්ඩුවත් වට්ටවන ක්‍රමය රනිල්ට කියල දෙනවා..රනිල් සද්ද නැතිව අහගෙන ඉන්නවා..”
සෑම් විජේසිංහ සාලයේ පුටු දෙකක් පෙන්වමින් කියා තිබිණි. ඇත්තටම මහින්දගේ ඒ ගේම වැඩ කළේය. මහින්දට ශ්‍රීලනිපයේ බලය අල්ලන්න ලොකුම හිසරදය වුයේ එස්.බී. ය. පක්ෂ ලේකම් ධර්මසිරි සේනානායක හදිසියේ මිය ගිය විට පක්ෂයේ බලය අල්ලන්න මහින්ද මහා ලේකම් ධූරයට යෝජනා කළේ මෛත්‍රීපාලවය.
එත් චන්ද්‍රිකා, එස්.බී. ව ඡන්දයෙන් මහා ලේකම් කළේය. ඒ තරහට එස්. බී. මහින්දට වැටෙන්න ගැහුවා පමණක් නොව චන්ද්‍රිකාව දිවි හිමියෙන් ආරක්ෂා කළේය. 1999 යේ ජනාධිපතිවරණයේදී චන්ද්‍රිකා දිනවන්න එස්. බී. හොර ඡන්ද සංවිධානය කළ හැටි පසු කලෙක එස්.බී. ම යුඇන්පී යට පැවසිය.
පළාත් සභා ඡන්ද දිනවල 2000 මහ මැතිවරණයත් දිනවන්න එස්. බී. ක්‍රියාත්මක කරපු හොර ඡන්ද මැසිම ගැන පසු කලෙක එස්.බී. ම මාධ්‍යට කිවේය.
චන්ද්‍රිකාවත්, ආණ්ඩුවවත්, ශ්‍රීලනිපයවත් දුර්වල කරන්න නම් ශ්‍රීලනිපය තුළ එස්.බී. ගේ චරිතය අවසන් කළ යුතු බව මහින්දට වැටහුණි. චන්ද්‍රිකා සහ එස්. බී. අතර ගැටුම් නිර්මාණය කළ මහින්ද එස්. බී. ව කඩා ගන්නා ලෙස යුඇන්පී යට උපදෙස් දුන්නේය. 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ට්ටවන මෙහෙයුමේ මහ මොලකරු වුයේ මහින්දය.
එස්. බී. ලා ජි.එල්. ලා සමග මහින්දත් රනිල් සමග චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටවන සකච්ඡා මේසයේ සිටියහ. එස්.බී.ලා ජි.එල්.ලා හිතුවේ මහින්දත් තමන් සමග ආණ්ඩුව වට්ටවන ඡන්දය දෙන්න විපක්ෂයට එයි කියාය. එත් මහින්ද නොඑන බව දැන සිටියේ රනිල් පමණි.
ගනු දෙනුව වුයේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව වට්ටවා රනිල් ජනාධිපති වීමත් මහින්ද චන්ද්‍රිකා පන්නා ශ්‍රීලනිප නායකයා වීමත්ය.
රනිල් 2001 ආණ්ඩුව පිහිට වූ විටත් චන්ද්‍රිකා හිතවාදී මාධ්‍ය සහ ජවිපෙ මහින්දට රනිල්ගේ කොන්ත්‍රාත් කරුවා කියා පහර ගසද්දීත් මහින්ද රනිල්ට කඩේ ගියේය. කඩේ ගිහින් විපක්ෂ නායකකමත් රනිල්ගෙන්ම ලබා ගත්තේය. ශ්‍රීලනිප-ජවිපෙ සංවිධානය කඩා කප්පල් කරන්න කළ හැකි හැම දෙයක්ම කළේය.
චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යංශ පවරා ගැනීම ප්‍රසිද්ධියේ විවේචනය කළේය. ඔහු හැම දෙයක්ම කළේ චන්ද්‍රිකාවත් ආණ්ඩුවත් දුර්වල කොට ජනාධිපති අපේක්ෂකයා වී පක්ෂයේ බලය අල්ලන්නටය.
2000 චන්ද්‍රිකාගේ දේශපාලන පැකේජය කඩා කප්පල් කරන්න මහින්ද ගේම ගැහුවේ රනිල් එක්ක එකටය. හේතුව චන්ද්‍රිකා විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට අගමැති අපේක්ෂිකාව ලෙස මහා ඡන්දයට එයි කියන බයටය.ඇත්තටම මහින්දගේ ඒ ගේම වැඩ කළේය. රනිල්ගේ කොන්ත්‍රාත්කාරයා රනිල්ව පරදන ජනාධිපති අපේක්ෂකයා විය.
මහින්දගේ මේ උපාය කියා දිය යුතු වන්නේ මෛත්‍රීපාලටය. මෛත්‍රීපාලට පොහොට්ටුවේ අපේක්ෂකා වීමට ඕනෑ නම් මෛත්‍රී කළ යුතුව තිබුණේ පොහොට්ටුවවත් , රාජපක්ෂලාවත් වැට්ටවීමය.. ඒ සඳහා හොදම අවස්ථාව මෛත්‍රීට හිමි වුයේ 2015 මහ මැතිවරණයේදීය. ජනාධිපතිවරණය දිනුව විගස මෛත්‍රී දින 100 යෙන් මහ ඡන්දයට ගියා නම් අද මහින්ද ගෙදරය. මහ ඡන්දය දින්න විගස පුංචි ඡන්දය පැවැත්වූවා නම් රාජපක්ෂ පවුලම හාන්සිය.
යුඇන්පීය ශක්තිමත් වෙන්න වෙන්න මහින්ද දුර්වල වන බව මෛත්‍රී තේරුම් ගත්තේ නැත. ඒකට හේතුව මෛත්‍රී රනිල්ගෙන් සහ මහින්දගෙන් යන දෙදෙනා ගෙන්ම එකවර ගේම ඉල්ලන්න යෑමය. මෛත්‍රී රනිල්ටත්, යුඇන්පී යටත් ගහල ගහල මහින්දවත්, රාජපක්ෂලාවත්, පොහොට්ටුවත් ශක්තිමත් කළේය.
දැන් මහින්දලාට, රාජපක්ෂලාට, පොහොට්ටුවට මෛත්‍රී ඕනෑ නැත. මහින්ද රනිල්ට කඩේ යන බව පෙන්න පෙන්නා රනිල්ට ගේම දුන්නේය. මෛත්‍රී රනිල්ට ගේම දෙන බව පෙන්න පෙන්නා කඩේ ගිහින් තියෙන්නේ මහින්දගේ පොහොට්ටුවටය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3