අපි මැරෙන්න බයත් නෑ : මරන්න බයත් නෑ - හමුදාව පොලිසිය අපේ අතේ

(අචින්ත මධුර) කඩුවෙල නගරාධිපති, ලංකා විදුලි සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සහ වෘත්තීය සමිති නායකයෙකු අතර ඇතිවූ දැඩි ආවේගශීලී දුරකථන සංවාදයක හඩ පටයක් විදුලි වෘත්තීය සමිති විසින් මාධ්‍ය…
(අචින්ත මධුර)
කඩුවෙල නගරාධිපති, ලංකා විදුලි සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සහ වෘත්තීය සමිති නායකයෙකු අතර ඇතිවූ දැඩි ආවේගශීලී දුරකථන සංවාදයක හඩ පටයක් විදුලි වෘත්තීය සමිති විසින් මාධ්‍ය හමුවේ සිකුරාදා (19) අනාවරණය කරනු ලැබීය.
ඒ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති මතභේදාත්මක තත්වය තුල, ඊට එරෙහිව විරෝධතා දක්වන වෘත්තීය සමිති නායකයෙකු සහ රන්ජන් ජයලාල් අතර මෙම දුරකථන සංවාදය ඇති වී ඇතැයි වෘත්තීය සමිති පෙන්වා දෙයි.
වෘත්තීය සමිති කටයුතුවලින් මේ වන විට ඉවත්ව සිටින රන්ජන් ජයලාල් මහතා මෙම සංවාදයේදී ඉතා ආවේගශීලී ප්‍රකාශ සිදු කර ඇත. ඔහු කිහිප වරක්ම “මැරෙන්න බයත් නෑ, මරන්න බයත් නෑ” යනුවෙන් අවධාරණය කළ අතර, “හමුදාව පොලිසිය අපේ අතේ. අපි ජීවිතේට ආණ්ඩුව දෙන්නේ නෑ. ගත්තෙ දෙන්න නෙමෙයි” යනුවෙන් ද ප්‍රකාශ කර තිබේ.