අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අපරාධ නඩු නීතිපතිගෙන් ඉවතට..?

අපරාධ නඩු නීතිපතිගෙන් ඉවතට..?

අලුත් අභිචෝදක යටතට..? මේ වනවිට නීතිපතිවරයා යටතේ පවත්නා අපරාධ නඩු මෙහෙයවීම සඳහා රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂ තනතුරක් (අභිචෝදක) ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. මෙම තනතුර මෙයට පෙර 1970 – 1977 පාලන කාලයේ…

අලුත් අභිචෝදක යටතට..?

මේ වනවිට නීතිපතිවරයා යටතේ පවත්නා අපරාධ නඩු මෙහෙයවීම සඳහා රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂ තනතුරක් (අභිචෝදක) ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.

මෙම තනතුර මෙයට පෙර 1970 – 1977 පාලන කාලයේ ක්‍රියාත්මක වූ අතර ලොව රටවල් රැසක අපරාධ නඩු මෙහෙයවන්නේ අභිචෝදක (අපරාධ නඩු අධ්‍යක්ෂ) විසිනි. ඒ සමයේ මෙම තනතුර දරන ලද්දේ රන්ජිත් අබේසූරිය සහ කෙනත් සෙනවිරත්න යන මහත්වරුන්ය. එහෙත් 1977 ජේ.ආර්. ජයවර්ධන රජය මගින් මෙම තනතුර දේශපාලනීකරණය වී ඇතැයි චෝදනා කරමින් එය අහෝසි කර දැමීය.

රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂ තනතුර ස්ථාපිත කළ පසු නීතිපතිවරයා සිවිල් නඩු මෙහෙයවන අතර අපරාධ නඩු රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂ විසින් මෙහෙයවනු ලැබේ. මෙම තනතුර ස්ථාපිත කිරීමට අදාළ මූලික කටයුතු මෙහෙයවීමට කමිටුවක් පත් කිරීමටද රජය යෝජනා කර ඇත. එම කමිටුවට අධිකරණ අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරයකු, නීතිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයකු, ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති හෝ ඔහු නම් කරන නියෝජිතයකු පත් කිරීමට යෝජිතය.

දැන්වීම

එහෙත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම පත්වීම සම්බන්ධයෙන් පූර්ණ එකඟතාවක් නොමැති බැවින් ඒ ගැන සිය මතය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශ කරන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

(දේශය)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අපරාධ නඩු නීතිපතිගෙන් ඉවතට..? | Lanka Newsweek