අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අපනයන ආර්ථිකයකින් තොරව රට ගොඩගනු බැහැ

අපනයන ආර්ථිකයකින් තොරව රට ගොඩගනු බැහැ

දරා ගත නොහැකි වෙළෙඳ හිඟයක් ඇති වුණේ ආනයනය නිසයි රටට ඩොලර් පොම්ප කෙරෙන අපනයන අභිමුඛ ආර්ථිකයකින් තොරව රට ගොඩ ගැනීමට නොහැකි යැයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී…

දරා ගත නොහැකි වෙළෙඳ හිඟයක් ඇති වුණේ ආනයනය නිසයි 

රටට ඩොලර් පොම්ප කෙරෙන අපනයන අභිමුඛ ආර්ථිකයකින් තොරව රට ගොඩ ගැනීමට නොහැකි යැයි හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

රටට අවශ්‍ය කරන අපනයන ආර්ථිකය සම්බන්ධයෙන් "lankanewsweek" සමග අදහස් දක්වමින් මේ බව කියා සිටී රවී කරුණානායක මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.   

"ඇත්තටම විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩ නැගීම සඳහායි. අපනයන සැකසුම් කලාප සහ කාර්මික ජනපද ගොඩ නැගුවේ ද, ඇඟලුම් කර්මාන්ත ශාලා මහා පරිමාණයෙන් ස්ථාපිත කළේ ද ඒ අරමුණ ඇතිවයි. ඒ ක්‍රියා මාර්ගවල අරමුණ වූයේ රටට අපනයන අභිමුඛ ආර්ථිකයක් ගොඩ නගා ගැනීමයි. එහෙත් සැබැවින්ම සිද්ධ වුණේ අපනයන වර්ධනයට සාපේක්ෂව ආනයනය ඉහළ යාමයි. 

දැන්වීම

මේ හේතුවෙන් රට මේ වන විට විශාල සහ දරා ගත නොහැකි වෙළෙඳ හිඟයකට මුහුණ දී සිටිනවා. 2022 වන විට ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 11.5 යි. ආනයන වියදම ඇමෙරිකන් ඩොලර් බිලියන 18.9 යි. ඒ අනුව ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය ඇමෙරිකන් ඩොලර් බිලියන 7.4 යි. ආර්ථික අර්බුදයට පෙර මේ පරතරය ඩොලර් බිලියන 10 ක් පමණ වුණා. එම පරතරය අඩු වුණේ අර්බුදයෙන් පසු ආනයන සීමා කිරීම නිසයි.

විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ අපනයන අභිමුඛ ආර්ථිකයක් බලාපොරොත්තු වුවත් එම බලාපොරොත්තුව උඩු යටිකුරු වී ආනයන අභිමුඛ ආර්ථිකයක් බවට පරිවර්තනය වී තිබෙනවා. අද රට වැටී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීමට නම් අපනයන අභිමුඛ ආර්ථිකයක් අවශ්‍ය වනවා. 

ඒ වගේම අපනයන විවිධාංගීකරණය කළ යුතුයි. එසේ අපනයන විවිධාංගීකරණය කළ යුත්තේ කෙසේ ද..? ඇඟලුම්, තේ, පොල්, රබර්, කුළුබඩු අපනයන මත තව දුරටත් රැඳී සිටීම අනතුරුදායකයි. අගය එකතු කළ භාණ්ඩ අපනයන කළ යුතුයි. උදාහරණයකට කුළු බඩු අමුද්‍රව්‍ය ලෙස රට පට වන්නේ නැතිව ඒවායෙන් වටිනාකම එකතු කළ නිෂ්පාදන කළ යුතුයි. ඒවා අපනයනයෙන් ලැබිය හැකි ඩොලර් ආදායම ඉහළයි. අගය එකතු කළ නිෂ්පාදන මතම රැඳී නොසිට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරී භාණ්ඩ මොනවාදැයි හඳුනා ගෙන නවෝත්පාදන ලෙස ඒවා කළ යුතුයි." 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අපනයන ආර්ථිකයකින් තොරව රට ගොඩගනු බැහැ | Lanka Newsweek