අනුර කියූ කුමන්ත්‍රණය හරිනිගෙද..? - ගැටුම එලියට

(Ruwin Fernando) ච්චීගෙ රොකට්ටුව සම්බන්දයෙන් ඊයෙ හරිනි සිදුකල ප්‍රකාශයට හාත්පසින්ම වෙනත් ප්‍රකාශයක් අද වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවෙ කරනවා. ඊයේ හරිනිගෙ කතාවෙ යම් අඩුපාඩුවක් තිබුනානම් එය නිවැරදි කිරීමේ…
(Ruwin Fernando)
ච්චීගෙ රොකට්ටුව සම්බන්දයෙන් ඊයෙ හරිනි සිදුකල ප්‍රකාශයට හාත්පසින්ම වෙනත් ප්‍රකාශයක් අද වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවෙ කරනවා.
ඊයේ හරිනිගෙ කතාවෙ යම් අඩුපාඩුවක් තිබුනානම් එය නිවැරදි කිරීමේ වගකීම ඇත්තේ හරිනිටමයි. එය හරිනිට කිරීමට ඉඩ නොදී අග්‍රාමාත්‍යතුමිය කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව වගකීමක් නැතුව හැසිරෙනවා යන අදහස ජනගත කිරීමට අවශ්‍ය වූයේ ඇයි?
හරිනිට අදාල විස්තරය ලබා දුන්නේ ජනාධිපතිතුමාට අයත් මුදල් අමාත්‍යංශයේ ඇති BOI එකයි. එම කරුණු වැරදිනම්, එය සිතා මතාම කල එකක් විය හැක.
දැන්වීම
අනෙක් කාරනය ඇයි හරිනිට වසන්ත ලවාම ගැස්සුවෙ.
වසන්ත කියන්නෙ වෙළඳ ඇමති. ච්චිගෙ රොකට්ටුව සම්බන්ද BOI එක තියෙන්නෙ මුදල් අමාත්‍යංශයට. මුදල් අමාත්‍යංශයේ ඇමති අනුර. නියෝජ්‍ය ඇමති ලෙස අනිල් ජයන්ත ඉන්නවා.
අනිල් ජයන්ත කියන්නෙ මාලිමාව නියෝජනය කරන මන්ත්‍රී වරයෙක්. මාලිමාවෙ අනිල් ජයන්ත කිසි සේත් හරිනිගේ ප්‍රතිරූපයට හානි වෙන ලෙස ප්‍රකාශ කරන්නේ නෑ.
මෙවැනි තොරතුරක් ඔහුට ආවානම් ඔහු එය අග්‍රාමාත්‍යතුමියට ලබා දී නිවැරදි කිරීමේ අවස්ථාව ඇයට ලබා දෙනවා.
වසන්ත කියන්නෙ ජවිපෙ නියෝජනය කරන, අනුරගෙ ගමේ ගෙවල් ලඟ මනුස්සයා.
ජනාධිපතිතුමාට ඉතාමත් සමීප ජවිපෙ පස් දෙනාගෙන් එක් අයෙක්.
එහෙම කෙනෙක් යොදාගෙන අග්‍රාමාත්‍යතුමියගේ ජනප්‍රියතාව බිඳ දමා මාලිමාවට ගැසීමට ජවිපේ දැන් එලිපිටම වැඩ පටන් අරන්.
ජවිපෙ නොවූ මාලිමාවේ ඇමතිලාගෙ කාර්‍යමණ්ඩලයට පැලවත්තෙ කාඩරය බලහත්කාරයෙන් ඔබ්බවා ඔත්තු බැලීමට පටන් ගෙන ඇති බවත් ඔවුන් කරන්නේ ජවිපේ රාජකාරිය මිස ඇමතිගෙ රාජකාරිය නොවන බවත්, ඒ නිසා මාලිමා මැති ඇමතිවරුන් රාජකාරිය කර ගැනීමේ දැඩි අපහසුතාවයකට ලක්ව ඇති බවත් මාලිමාවට කඩේ ගිය පිටරට සිටින මාධ්‍යවේදීන් දැන් ප්‍රසිද්ධියේ කියන්නත් පටන් අරන්.
අද ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමිය ලඟ තබාගෙන කුමන්ත්‍රණ ගැන විශාල වශයෙන් කියන විට අග්‍රාමාත්‍යතුමීගෙ මුහුනේ ඉරියව් හොඳින් නිරීක්ෂණය කරන්න. එයින් සෑහෙන දෙයක් කියවෙනවා.
අළු යට සැඟව තිබූ ගැටුමේ ගිණි පුපුරු දැන් එලියට ඇවිත්. ජවිපෙ කාඩරයට අයත් සමාජ මාධ්‍ය බලකාය අගමැතිනියට මඩ ගැසීම ඊයෙ සිටම පටන් ගෙන ඇත.