අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අනුර එක්ක විවාදයට සජිත් සූදානම්

අනුර එක්ක විවාදයට සජිත් සූදානම්

හැබැයි අනුරගෙන් සද්දයක් නැහැ රටට-ජනතාවට තමා සමග තරඟයට වැඩ කරන්න එන්නැයි සජිත් සියලු නායකයින්ට අභියෝග කරයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග හැකි නම් විවාදයකට පැමිණෙන ලෙසට සුනිල්…

හැබැයි අනුරගෙන් සද්දයක් නැහැ 

රටට-ජනතාවට තමා සමග තරඟයට වැඩ කරන්න එන්නැයි සජිත් සියලු නායකයින්ට අභියෝග කරයි 

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග හැකි නම් විවාදයකට පැමිණෙන ලෙසට සුනිල් හඳුන්නෙත්ති මහතා කළ අභියෝගය භාර ගැනීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත. 

දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික සහ ජාත්‍යන්තරය ඇතුළු ඕනෑම මාතෘකාවක් යටතේ තමා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පමණක් නොව ඕනෑම අයෙකු සමග වාද-විවාද කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

වාද-විවාදවලට පමණක් සීමා නොවී හැකි නම් රටට-ජනතාවට තමා සමග තරඟයට වැඩ කිරීම සඳහා පැමිණෙන ලෙස සියලු දේශපාලන නායකයින්ට අභියෝග කරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තරයේ කියා සිටියි.

දැන්වීම

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩර මහතා ජාතික ජන බලවේගයට පළමුව අභියෝග කරමින් කියා සිටියේ, එම පක්ෂයේ ආර්ථික කවුන්සිලය සමග විවාදයකට සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව සූදානම් බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය සමග නොව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග විවාද කිරීමට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බවය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග වාද-විවාද කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කළේ එම අභියෝගයට අනුවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
අනුර එක්ක විවාදයට සජිත් සූදානම් | Lanka Newsweek