අනුරට අභියෝගයක්-හැකි නම් වත්කම් හෙළි කරනු
අනුර කුමාරගේ දෙබිඩි පිළිවෙත අභියෝගයට ලක් කෙරේ ජනතාවගෙන් සඟවන්නේ කුමක්ද..? හැකි නම් සිය වත්කම්-බැරකම් රටට-ජනතාවට ප්‍රසිද්ධියේ හෙළිදරව් කරන්නැයි විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ජාතික ජන බලවේගයේ සහ ජනතා…
අනුර කුමාරගේ දෙබිඩි පිළිවෙත අභියෝගයට ලක් කෙරේ
ජනතාවගෙන් සඟවන්නේ කුමක්ද..?
හැකි නම් සිය වත්කම්-බැරකම් රටට-ජනතාවට ප්‍රසිද්ධියේ හෙළිදරව් කරන්නැයි විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත අභියෝග කර සිටිති.
එම විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත වෙත එම අභියෝගය එල්ල කළේ, ඔහු ජර්මනියේ සංචාරය කරමින් එහි සිටින ශ්‍රී ලාංකිකයින් සමග පැවැත් වූ විශේෂ සාකච්ඡාවකදී ය.
ඊට ඍජුව පිළිතුරක් ලබා නොදුන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විවිධ තර්ක විතර්ක මතු කර, සිය වත්කම්-බැරකම් ප්‍රකාශය තමා මැතිවරණ කොමසාරිස්වරයාට ලබා දී ඇතැයි කියමින් එම ප්‍රශ්නයෙන් පළා ගොස් ඇත.
දැන්වීම
මේ අතර දේශපාලන විචාරකයින් ප්‍රශ්න කර සිටින්නේ, සිය වත්කම්-බැරකම් ප්‍රසිද්ධ කරමින් සිය දේශපාලන සුජාත භාවය සහ විනිවිධ භාවය ඔප්පු කිරීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට නොහැකි මන්ද සහ ඔහු එම ප්‍රශ්නයෙන් මෙසේ පැන යන්නේ කුමක් නිසාද යන්නය.
විපක්ෂයේ දේශපාලකයින් ගණනාවක් සිය වත්කම්-බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමසාරිස්වරයාට සේම Transparency International ආයතනය වෙත ලබා දී ඇති බව පෙන්වා දෙන එම දේශපාලන විචාරකයෝ ඔවුන් එම වත්කම්-බැරකම් ප්‍රකාශ සිය නිල වෙබ් අඩවි, නිල facebook පිටු සහ ගිණුම් ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇතැයි ද කියා සිටිති.
එසේ තිබිය දී දුෂණය, වංචා සහ අක්‍රමිකතාවලට එරෙහිව පෙනී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිය වත්කම්-බැරකම් එලෙස ප්‍රසිද්ධ නොකරන්නේ ජනතාවගෙන් කුමක් වසන් කිරීම සඳහා යැයි ද එම දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් ප්‍රශ්න කර සිටිති.